brand logo

හරීන්ගෙන් අමාත්‍යවරයෙකුට ගුටි ?- සජිත් පිලෙන් සුබපැතුම්

20 September 2019

ඊයේ (19) දිනට පෙර පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තවත් ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුට පහර දුන් බවට සමාජ ජාල වෙබ් අඩවිවල වාර්තා පළවෙයි. එම රැස්වීමට සහභාගි වූ අමාත්‍යවරයෙකුගෙන් මේ පිළිබදව කළ විමසීමකදී ඔහු කියා සිටියේ යම් සිදුවීමක් සිදු වූ බවත් එම අවස්ථාවේ අතිශය උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි. එම අවස්ථාවේදී පරුෂවචනයෙන් බැනගත් බවට හෝ පහරදීමක් සිදුවූ දැයි තහවුරු කිරීමට නොහැකි බව ද ඔහු කියා සිටියේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ සමාජා ජාලා ක‍්‍රියාකාරීන් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාට සුබ පැතුම් එක්කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
 

More News..