brand logo

හරක් හොරා පැනදුවයි - ගවයන් පොලිස් භාරයට

04 February 2021

    හොර හරක් ලොරියක් පසුපස හඹා ගිය පල්ලෙකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් එම ලොරියේ ටයර්වලට වෙඩි තබා තලාතුඔය පොලිස් වසමට අයත් මාරස්සන නාරංකඩුව ප්‍රදේශයේදී ඊයේ (03 වැනිදා) උදෑසන 5.30 ට පමණ හරක් හා ලොරිය පොලිස් භාරයට ගෙන ඇත. මෙම ලොරිය තෙල්දෙණිය දෙස සිට මහනුවර දෙසට ධාවනය කර ඇති අතර පල්ලෙකැලේදී ලොරියට නතර කිරීමට අණ කළ ද නොනවත්වා ධාවනය කිරීම නිසා පොලිසිය ඒ පසුපස හඹා ගොස් ඇත. පසුව ලොරියේ ටයර්වලට වෙඩි තබා නවතාගෙන ඇත. ලොරිය නවතනවාත් සමග රියැදුරු පැනගොස් ඇති අතර ලොරියේ හිංසාකාරී අයුරින් රැගෙන ගිය එළ හරක් දහඅට දෙනකු සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. සරත් හෙට්ටිගේ - හේවාහැට කුමාර වික්‍රමාරච්චි - හේවාහැට චම්පික දසනායක - හේවාහැට
 

More News..