brand logo

ඉසුරු උදාන නයිට්රයිඩර්ස්ලාව අවසන් පූර්ව වටයට ගෙන යයි

14 September 2021

ට්‍රින්බාගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටය

කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 30 වැනි තරගයෙන් සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම හමුවේ කඩුලු 4ක ජයක් ලැබූ ට්‍රින්බාගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

අදාළ ජයත් සමගින් තරග 10කට සහභාගි වූ නයිට්රයිඩර්ස් ඉන් තරග 6ක් ජයගෙන කණ්ඩායම් අතර පෙරමුණ ගැනීමටත් සමත්විය. ඒ අනුව තරගාවලිය යටතේ පැවැත්වෙන පළමු අවසන් පූර්ව වටයේ තරගයේදී සෙන්ට් ලුසියා කිංග්ස් සමගින් ඔවුන් අද (14 වැනිදා) තරග වදිනු ඇත.

එම දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගයනා අමේසන් වොරියර්ස් සහ සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් ක්‍රීඩා කරන අතර තරගාවලියේ අවසන් මහා තරගය හෙට (15 වැනිදා) පැවැත්වීමට නියමිතය. තරගාවලියේ 30 වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පැට්‍රියොට්ස් කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු 147ක ඉලක්කය හඹාගිය නයිට්රයිඩර්ස් පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස්කරමින් ජය සපුරා ගැනිණ. තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 9කදී නයිට්රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 10ක් අවශ්‍ය විය. අනතුරුව 19 වැනි පන්දුවාරයේ සිව්වැනි සහ අවසන් පන්දුවට හයේ පහර දෙකක් එල්ල කරමින් ඉසුරු උදාන විසින් නයිට්රයිඩර්ස් ජයග්‍රහණය තහවුරු කරන ලදී. 7 වැනි පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඉසුරු එහිදී හයේ පහර 3ක් සමගින් පන්දු 16කදී නොදැවී ලකුණු 25ක් රැස්කර ගත්තේය. මෙම තරගයේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද සිය දස්කම් දැක්වූ ඉසුරු ලකුණු 28කට කඩුලු 2ක්ද, දවා ගැනිණ. නයිට්රයිඩර්ස් වෙනුවෙන් වේගවත් පිති ප්‍රහාරයක නිරත වූ කිරන් පොලාඩ් හයේ පහර පහක් සහ හතරේ පහර තුනක් සමගින් පන්දු 22කදී ලකුණු 51ක් රැස්කර ගන්නා ලදී. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානයත් ඔහුට හිමි විය. https://youtu.be/ootd7o5dzRc
 

More News..