brand logo

හයිබ්‍රිඩ් සුරංග අත්අඩංගුවට

02 March 2021

    මිරිස්ස ප්‍රදේශයේ කරනලද වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන හරක් කටාගේ ගෝලයකු බව කියන පතල සාමාජිකයකු වන හයිබ්‍රිඩ් සුරංග නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් හයිබ්‍රිඩ් සුරංග සමග තරුණියන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථයක්ද අත්අඩංගුවට ගත් බව හියාරේ විශේෂ කාර්ය බළකා කඳවුර සඳහන් කරනවා. අත්අඩංගුවට පත් තරුණියන් නෙළුව සුදුවැල්ල පදිංචි අයයි. මොවුන් සන්තකයේ තිබී අත් විලංගු එකක්,අයිස් ග්‍රෑම් 20ක්, හෙරොයින් ග්‍රෑම් 05ක් මුදල් රුපියල් 58830ක් ද සොයාගෙන ඇත. සැකකරු සහ නඩු භාණ්ඩ වැලිගම පොලිසියට භාරදී තිබේ.
 

More News..