brand logo

හයිඩ්‍රාමනියේ ගෝනපොල සේවකයෙකුටත් කොවිඩ්

21 October 2020

කහතුඩුව හයිඩ්‍රාමනී ආයතනයේ සේවය කළ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ තලගල පදිංචි තවත් සේවකයකුට කොරෝනා වැළඳී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසයි. අදාළ සේවකයා ගෝනපොල තලගල මංගලාරාම විහාරස්ථානය අසල පදිංචිකරුවකු වන අතර ඔහු හයිඩ්‍රාමනී ආයතනයේ මහන යන්ත්‍ර ක්‍රියාකරුවකු වශයෙන් සේවය කරමින් සිටී. මෙම පුද්ගලයා පසුගිය 12 වෙනි දින අසනිප වූ සේවකයකු රැගෙන මෙම ආයතනයේ මුලින් කොවිඩි ආසාදිත බවට තහවුරු වූ සෞඛ්‍ය අංශයේ නිලධාරිණිය රාජකාරී කරමින් සිටි වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ඇති අතර එහිදී මුලින් කොවිඩි ආසාදිත බවට තහවුරු වූ සෞඛ්‍ය අංශයේ නිලධාරිණිය සමග කතාබහ කරමින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇත. අනතුරුව මෙම පුද්ගලයාට ආයතනය මගින් පීසීආර් පරීක්‍ෂණ සිදුකර ඇති අතර ඊයේ රාත්‍රී (20) ලැබුණු එහි ප්‍රතිඵල මත අදාළ සේවකයා කොවිඩි ආසාදිතයකු බව තහවුරු වී ඇත. මෙම තත්වය මත මේවන විට අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක් සහ ඔහු ඇසුරු කළ පවුල් 04ක පුදග්ලයින් ස්වයං නිරෝධායනට ලක්කළ බවත් , ගෝනපල ප්‍රදේශයේ වෙළඳසල් 03ක් වසා දැමූ බවත්, කොවිඩි ආසාදිත අදාළ සේවකයා දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් ප්‍රතිකාර සඳහා කොවිඞ් රෝහලක් වෙත යොමු කිරීමට අද පෙරවරුවේ කටයුතු කළ බැවි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙම ප්‍රදේශය භාර මහජන සෙෘඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසිය. අඟුරුවාතොට මංගල එදිරිසිංහ
 

More News..