brand logo

හයදෙනෙකු ගමන්ගත් ත්‍රිරෝද රථය අනතුරක සියළුදෙනාටම තුවාලයි

31 July 2019

බදුල්ල මහියංගණය මාර්ගයේ තල්දෙන 12 කනුව පුපුරුමාතැන්න ප්‍රදේශයේදී ඊයේ (31) උදේ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනයවී ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් කළ රියදුරු ඇතුළු හයදෙනාම තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. අඩි 10ක් පමණ පහළට පෙරලුන ත්‍රිරෝද රථය ගසක ගැටී නතර නොවූයේ නම් මහා ප්‍රපාතයට පෙරලී මීට වඩා විනාශයක් වීමට ඉඩ තිබූ බව පොලීසිය පවසයි. මොවුන් හාලිඇල ප්‍රදේශයේ පිරිත් පින්කමකට සහභාගි වී මීගහකිවුල බලගොල්ල පිහිටි නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ. තුවාලකරුවන්ගෙන් 5දෙනෙක්ම කාන්තාවන් බවද පොලීසිය සදහන් කරයි. තිදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. රියදුරාට නින්ද යාම මේ අනතුර සිදුවන්නට ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර මහතාගේ උපදෙස් මත බදුල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. දීපාල් ජයතුංග මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි. පස්සර - අමිල ක්‍රිෂාන්ත
 

More News..