brand logo

හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙක්ට මරණ දඬුවම්

08 August 2018

ත‍්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලීයන් මහතා විසින් යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සාමජිකයින් දෙදෙනෙකුට අද (8) මරණ දඬුවම නියම කළේය. අත් අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකින් පසු යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී හා එම බලකායේ සෙබලෙකු වන සැරයන් ප‍්‍රියන්ත රාජකරුණා යන අයට මෙසේ මරණ දඬුවම නියම කෙරිණි. ඥාණසිංහම් ඇන්ටන් ගුණසේකරම් යන අයගේ මරණය සම්බන්ධයෙන් 1998 සැප්තැම්බර් මස 10 වන දින යාපනය කෝපායි පොලිස් වසමට අයත් තිරුනල්වේලිහිදි අත් අඩංගුවට ගත් 51 වන සේනාංකයට අයත් යාපනය 512 බලසේනා මුලස්ථානයේ එවකට රාජකාරි කල බුද්ධි බලකායේ නිලධාරින් තිදෙනෙකු කෝපායි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී සැකකරුවන්ට එරෙහිව යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබු අතර පසුව සැකකරුවන්ගේ ඉල්ලීම මත එම නඩුව අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගයට ගනු ලැබීය. මෙම නඩුව විභාග වෙමින් පැවැතියදී නීතිපති විසින් අධි චෝදනා ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් ගේ ඉල්ලීම මත නඩුව ත‍්‍රිකුණාමලය මහාධිකරණයේ විභාගයට ගනු ලැබීය. දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් තිදෙනාගෙන් කර්නල් රෙජිනි බර්තලමියුස් මහතා සියලූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබු අතර සෙසු දෙදෙනා සියලූ චෝදනා වලට වරදකරුවන් වු හෙයින් මරණීය දඩුවම නියම කරනු ලැබීය.
 

More News..