brand logo

හමුදා පාලනයක් ගෙනියන්න අදහසක් නෑ - ආරක්ෂක ලේකම්

24 November 2019

කුමන තත්ත්වයක් යටතේ හෝ හමුදා පාලනයක් ගෙන ඒමට කටයුතු නොකර බවත් එයට කිසිම ඉඩක් නොමැති බවත් නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේ ඊයේ පස්වරුවේ අනුරාධපුර මිහින්තලා රජාමහා විහාරස්ථානය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස කියා සිටියේය. රටේ සාමාන්‍ය නීතිමය ප්‍රශ්නය ඇති වන කොට අපි ඒකට යොදන්නේ පොලීසිය. පොලීසියට භාරදීලා තියෙනවා ර‌ටේ නීතිය හා සාමය ආරක්ෂා කරලා රටේ ජනතාවට සාමයෙන් සතුටින් පරිසරයක් ඇති කරන්න පොලීසියට උපදෙස් දීලා තියෙනවා. එතකොට යම්කිසි කලබල තත්ත්වයක් ඇතිවෙලා පොලීසියට ඒක පාලනය කරන්න බැරි නම් එතකොට ඒකට යොදනවා අපි පොලීසියේ විශේෂ පුහුණුවක් ලබලා තියෙන විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්. විශේෂයෙන් සදහන් කරන්නේ ඕනේ රටේ පාලනය කරන් බැරි තත්ත්වයක් ඇති වුනොත්, ඒ අවස්ථාවකදී පමණයි ආරක්ෂක හමුදාව යොදවන්නේ. ඉතිං මේක නිසා කිසිම කලබලයක් විය යුතු නැහැ. හමුදා පාලනයක් ගෙන යන්න කිසිම අදහසක් නැහැ. ඒක කෙරෙන්නෙත් නැහැ.
 

More News..