brand logo

හමුදා නිලධාරියාගෙන් පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්

23 June 2022

හමුදා නිලධාරියා අත්අඩංගුවට

ඊයේ (22) රාත්‍රියේ දී වරකාපොල දුම්මලදෙණිය ඉන්ධන පිරවුම්හලේ දී හමුදා නිලධාරියෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහර දීමක් සිදු කොට ඇති බව වාර්තා වනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ වරකාපොල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක්. හමුදා නිලධාරියාගේ පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර සඳහා වරකාපොල මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කරනු ලැබුවා. අදාළ පිරවුම්හලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා ලුතිනන්වරයා සහ පොලිස් නිලධාරියා අතර ඇති වූ වාචික ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය විසින් හමුදාව දැනුවත් කර ඇති අතර, අදාළ හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
 

More News..