brand logo

හමුදාව හැරගිය 4299 ක් යළි සේවයට

10 February 2020

ජාතික නිදහස් දිනයට සමගාමීව ලබාදුන් පොදු සමා කාලයට අදාළ පළමු දින 3 ඇතුළත ත්‍රිවිධ හමුදාවේ 4299 දෙනකු නැවත සේවයට වාර්තා කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ පිළිබඳව අදහස් පළකරන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවැසුවේ නිලධාරීන් 10 දෙනකු සහ තවත් භටයන් 4289 ක් මෙලෙස සිය කඳවුරුවලට වාර්තා කර ඇති බවයි. ජනාධිපතිවරයාගේ උපදෙස්වලට අනුව ලබාදුන් මෙම පොදු සමා කාලයේ පළමු දින කිහිපය ඇතුළත ආරක්ෂක අංශ පිළිබඳ විශ්වාසය පළකර මෙතරම් පිරිසක් නැවත කඳවුරු වෙත වාර්තා කිරීම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රශංසාවට ලක්ව ඇතැයිද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. මෙලෙස වාර්තා කරන පිරිස්වලට සිය අභිමතය පරිදි නැවත අදාළ රෙජිමේන්තුවලට අනුයුක්තව සේවයේ නිරතවීමට අවකාශ පවතී. නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන පිරිස් වේ නම් ඔවුන් පිළිබඳව අවශ්‍ය පරිපාලන කටයුතු සැකසීමද සිදුවේ. මෙම පෙබරවාරි 12 වැනිදා දක්වා බලපැවැත්වෙන මෙම පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් නැවත සේවයට වාර්තා කරන ලෙස මෙතෙක් සේවයට වාර්තා කර නොමැති නීති විරෝධී ලෙස සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ගෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.   නයන තරංග ගමගේ
 

More News..