brand logo

හම්බේගමුවේදී ගංජා කිලෝ 136ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

26 January 2020

හම්බේගමුව පොලීසිය මඟින් පෙරේදා (25) සවස හම්බේගමුව උණකන්ද ප්‍රදේශයේ හේන්යායකදී සිදුකළ වැටලීමකදී වියළි ගංජා කිලෝ 136 යි ග්‍රෑම්ස් 895 ක් පනස් හැවිරිදි පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. ගංජා තොගය කුඩා කැබලිවලට කපා වියළමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ පනහක් පමණ වේ. මෑතකදී අත්අඩංගුවට ගත් විශාලතම ගංජා තොගය මෙයවේ.ගංජා සන්තකයේ තබාගෙන සිටි අය හම්බේගමුව බලහරුව ඌරුහොර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු හා ගංජා තොගය ඊයේ(26) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මොනරාගල නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ කරවිට මහතාගේ උපදෙස් පිට මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ මෙහෙයවීම මත තණමල්විල සහකාර පොලිස් අධිකාරී එච්.එච්.කේ.ජේ.සී සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ හම්බේගමුව පොලිස් ස්ථානාධිපති ආර්.ඇම්.ආර්.එස් රාජපක්ෂ උ.පො.ප අබේදීර පො.සැ14280 පත්මසිරි පොලිස් කොස්තාපල්වරුන් වන 91833 රණසිංහ,86965 සමීර යන නිලධාරීන් වැටලීම සිදුකළහ. කැලුම් ගුණතිලක
 

More News..