brand logo

හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවේ තින්දුව අගෝස්තු 02දක්වා කල් තබයි

18 July 2019

හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුව අද (18) හම්බන්තොට මහාධිකරණය හමුවේ කැදවු අවස්ථාවේ අධි චෝදනා පත්‍රයේ සදහන් කර ඇති සාක්ෂි කරුවෙකුගේ නමක් සාක්ෂි ලබාදීමේදි වැරදි ලෙස සටහන් වි තිබිම හේතුවෙන් එය නැවත සංශෝධනය කිරීම නිසා හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කිරිම අගෝස්තු 02 දින දක්වා කල් තැබුණි. 2014.04.17 වන දින මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් වු එරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, අජිත් පී. පෙරේරා ,ආර්. යෝගරාජන් ඇතුළු පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුට විරුද්ධව හම්බන්තොට මහාධිකරණය හමුවේ නිතිපති වරයා විසින් අධිචෝදන පත්‍ර ගොනු කර තිබුණි.ඒ අනුව වසර 05ක පමණ කාලයක් නඩුව විභාග කෙරුණු අතර එහි තින්දුව ප්‍රකාශ කිරිම සදහා නඩුව අද (18) හම්බන්තොට මහාධිකරණයේදී කැදවිණි. එහිදී නියෝජ්‍ය සොලිස්ටජනරල් දිලිප පීරිස් මහතා මහතා විසින් අධි චෝදනා පත්‍රයේ සදහන් සාක්ෂි ලයිස්තුවේ සටහන්ව තිබු නමක් සාක්ෂි ලබා දීමේදි වැරදි ලෙස සටහන් වි තිබිම හේතුවෙන් එය සංශෝධනයට ලක් කෙරුණි.අදාල සංශෝධනයෙන් පසු නඩුවේ තින්දුව ප්‍රකාශයට පත් කිරිම අගෝස්තු 02 දින දක්වා කල් තැබිමට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා පියවර ගැණුණි. හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 05 දෙනා වෙනුවෙන් ජනාධිපති නිතීඥ යු.ආර් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නිතීඥ තුසිත අළුත්පටබැදිගේ,නීතීඥ දේවින්ද රණවක ඇතුළු නීතීඥවරුන් පිරිසක් පෙනි සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටජනරල් දිලිප පීරිස් මහතා සමග රජයේ අධිනීතීඥ ගයාන් පෙරේරා මහතා පෙනි සිටියේය. අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර
 

More News..