brand logo

හම්බන්තොට රෝහලේ සියලු කොරෝනා රෝගීන් පිටවේ

01 July 2020

හම්බන්තොට මහ රෝහල තුළ ස්ථාපිත කර ඇති "කොරෝනා ප්‍රතිකාර ඒකකය"ට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි සියලුදෙනා අද (01) වනවිට රෝහලින් පිටව ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසයි. මෙරට කොරෝනා රෝගීන් ගණන වැඩිවීමත් සමඟම පසුගිය මැයි 28 වනදා හම්බන්තොට පැරණි රෝහල තුළ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලදි. කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමල නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් 108 දෙනෙකු ඇතුළු තවත් පිරිසක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු මෙම ඒකකයට ඇතුළත් කෙරිණි. එලෙස ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් විටින් විට සුව වී රෝහලින් පිටව ගොස් ඇති අතර ඉතිරිව සිටි රෝගීන් 67 දෙනා අද (01) පිටත්කරවීමට හැකි වූ බවත් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ඒකකය භාර කායික රෝග විශේෂඥ වෛද්‍ය සුදිර ප්‍රභාත් ප්‍රනාන්දු මහතා පැවසීය.
 

More News..