brand logo

හම්බන්තොට මහරෝහලේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්

25 January 2021

හම්බන්තොට මහරෝහලේ සේවය කරනු ලබන සිවුදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. හෙද නිලධාරීන් දෙදෙනෙකු සහ සුළු සේවකයින් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත. මීට දින 08කට පමණ පෙර රසායනාගාරයේ සේවය කරනු ලබන සුළු සේවිකාවක් සදහා කොරෝනා වෛරසය අසාදනය වී ඇති අතර පසුව රෝහලේ 18 වාට්ටුවේ සේවය කරනු ලැබූ හෙද නිලධාරියෙකු හටද කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට තහවුරු වී තිබේ. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සේවය කරනු ලබන එම හෙද නිලධාරිවරයාගේ බිරිද හටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පත්වනු ලැබූ පුද්ගලයින් කීපදෙනකු PCR පරීක්ෂණ සදහා යොමුකර ඇති අතර ඒ අනුව අද (25) ලැබුණු එම PCR පරීක්ෂණ ප්‍රතිපල අනුව ශල්‍ය වාට්ටුවේ සේවය කරනු ලැබූ තවත් හෙද නිලධාරිවරයෙකු හට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
 

More News..