brand logo

හම්බන්තොට නගරාධිපතිගේ සමීපතමයෙකුගේ කැබ් රථයකට වෙඩි

05 August 2019

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සමීපතමයෙකු වන ගොන්නොරුවේ සුද්දා නමැති පුද්ගලයාගේ බව පැවසෙන කැබ් රථයකට හම්බන්තොට ගොන්නොරුව හයේ කණුව ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ කැබ් රථයේ සිටි පිරිස විසින් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අල්ලා පොලීසියට බාරදුන් බවයි. මෙම වෙඩි තැබීම සදහා යොදාගත් ගිනිඅවියද පොලීසිය භාරයට ගෙන ඇත. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට කැබ් රථයේ පහරදීම හේතුවෙන් ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..