brand logo

හම්බන්තොට දිස්ත්‍රික්කය “සිව්මහ වාණිජ නගර” අතරට

02 August 2020

අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත “සිව්මහ වාණිජ නගර” අතරට හම්බන්තොට දිස්ත්රික්කය එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටි. කොළඹ, යාපනය සහ ත්රිකුණාමලය “සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ත්රික්ක වේ. සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්ර කර “සී හැඩය” ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්යන්තර වෙළෙඳපොළ හා තරගකරන රටක් ගොඩනගන බව ජනාධිපතිතුමා පවසයි. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (02) හම්බන්තොට දිස්ත්රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා මේ බව පැවසීය. අමාත්ය චමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාමය, බස් නැවතුම්පොළ අසළ සංවිධාන කළ ජන හමුවෙන් ජනාධිපතිතුමාගේ හම්බන්තොට චාරිකාව ආරම්භ කෙරිණ. හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට මහත් හරසර පුද කළ ජනතාව ප්රදේශයේ ගැටළු එතුමා වෙත ඉදිරිපත් කළහ. පානීය ජල ගැටළුවට සහ වන අලි තර්ජනයට විසඳුම් ලෙස විධිමත් සහ ක්රමවත් වැඩපිළිවෙළක් සකස් කරන බව අපේක්ෂක හර්ෂ උදයකුමාර ජයවීර මහතා ලුණුගම්වෙහෙර බස්නැවතුම්පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මහා සංඝරත්නය ආශිර්වාද පළ කළහ. හම්බන්තොට මහනාගපුර සහ ලුණුගම්වෙහෙර මහාවිද්යාලවල අඩුපාඩු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ. ගම්මාන කිහිපයකට බස් රථයක් ලබාගැනීම, ගබඩාවෙන්ම පොහොර මිලදී ගැනීම යන ඉල්ලීම් ජනතාව ජනාධිපතිතුමා වෙත යොමු කළහ. පස් හැවිරිදි පී.ජී. පසගි දැරිවිය කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් පරිත්යාග කළාය. අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අමාත්ය චමල් රාජපක්ෂ, අපේක්ෂකයන් වන නාමල් රාජපක්ෂ සහ අජිත් රාජපක්ෂ යන මහත්වරු හමුවට එක්ව සිටියහ. මත්ද්රව්ය උවදුර තුරන් කර දෙන ලෙස අමාත්ය චමල් රාජපක්ෂ මහතා සූරියවැව නගරයේ පොදු වෙළෙඳපොළ අසළ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ.
 

More News..