brand logo

හම්බන්තොට උපවාසයේ නිරත දෙදෙනෙක් රෝහලට

22 January 2021

    මාරාන්තික උපවාසයක නිරත' හම්බන්තොට ගොවීන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් අද (22) රෝහල්ගත කර තිබේ. ගොවින් උපවාසය අරඹා ඇත්තේ යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්‍ෂිතය කඩිනමින් ගැසට් කරන ලෙස ඉල්ලමින් බව සඳහන් වනවා. අද එම උපවාසය අරඹා තිබුනේ පස්වන දිනය ලෙසටයි. හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු සූරියවැව වල්සපුගල ප්‍රදේශයේදී පසුගිය 18 වනදා එම උපවාසය ආරම්භ කර තිබුණා.
 

More News..