brand logo

හබරාදුව ප්‍රාදේශීය සභාව එස්.එම්.එස්.වලින් වැඩ ගනියි

21 August 2018

ජනතාවගේ දුරකථනවලට බදු මුදල දන්වා කෙටි පණිවුඩයක් හබරාදුව ප්‍රාදේශීය සභාව මගින් සභා බල ප්‍රදේශයේ බදුගෙවන ජනතාවට තමාට ගෙවන්නට නියමිත බදු මුදල කොපමන දැයි දැන්වමින් කෙටි පනිවිඩ මගින් අදාළ බදුගෙවන්නාට දැනුම් දෙන්නට පියවරගගෙන ඇති බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) දිල්ෂාන් විදානාගමගේ අද 21 පැවැති හබරාදුව ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී පැවසීය. මේ අනුව නවතම තාක්ෂණය මගින් සභාවේ වෙනත් කටයුතු ද මේ ආකාරයෙක් සිදුකරන්නට පියවර ගන්නා බවත් රටේ ඇති නව තාක්ෂණික ප්‍රවණතා මත සංවර්ධන කටයුතු මේ ආකාරයෙන් ඉදිරියේ දී ජනතාවට දැනුම් දෙන්නටද පියවරගන්නා බව සභාපතිවරයා පැඩිදුරටත් පැවසීය. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ අද 21 පැවැති හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැසිවිමේ දීයගඑය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
 

More News..