brand logo

හබරාදුව උණුසුම් වෙයි

15 October 2018

හබරාදුව සම්බන්ධිකරණ රැස්වීම අද (15) දින පැවැත්වුවේ දැඩි පොලිස් ආරක්ෂාව ඇති විය. ඒ අනුව, අහංගම, හබරාදුව, ඉමදුව,යක්කලමුල්ල පොලිස් ස්ථානවල් පොලිස් නිලරථ සමගින් පොලිස් නිලධාරිහු පැමිණ සිටියහ. හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පිවිසෙන දොරටු හතරක දැඩි පොලිස් රැකවල් දමා තිබිණි. මේ අනුව උදේ 9 30 ට හබරාදුව සම්බන්ධිකරණ රැස්විම පැවත්වුයේ හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර, හබරාදුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක තිසර ගුණසිංහ යන සම පසභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ ය. මෙම රැස්වීමි පැවැත්වෙමින් තිබිය දී පොලිස් බාධක මැඩ පවත්වමින් පොලිස් අන නොතකා ඒකාබද්ධ විපක්ෂයේ දකුණු පළාත් සභාවේ මන්ත්‍රි ඒ.ජී.සි පියසිරි මහතා හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ මන්ත්‍රිවරු 15 දෙනෙක් රැස්විම් ශාලාවට බලහත්කාරයෙන් කඩා වැදුනේ ය. මේ නිසා පොලිසිය හා මන්ත්‍රිවරු අතර ඇතිවුයේ මහා ගාල ගෝට්ටියකි. පොහොට්ටු මන්ත්‍රිවරු පොලිසියට ද බැන වදිමින් තර්ජනය කරිමන් පහර දෙන්නට තැත් කළේය. "අපි මන්ත්‍රිතුමා ඉහළින් දෙන නියෝග ක්‍රියාත්මක කරන්නේ, අපි නීතිය හා සාමය නීතිය ක්‍රියාත්මක කරන් වෙනවා." කියමින් පොලිසිය මන්ත්‍රිවරුට සභා ශ්‍රවනාගාරයට ඇතුලුවන්නට ඉඩ නොදුන්නද බලහත්කාරයෙන් පිරිස සභා ශ්‍රවනාගාරයෙට ඇතුළු වුහ. පසුව පොලිසිය හා මන්ත්‍රිවරු අතරද ඇතිවුයේ ගැටුම් කාරි වචන හුවමාරුවකි. පසුව සම සභාපතිවරු දෙදෛනා සමගින් ඒකාබද්ධ විපක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රි වරයා හා සභාපතිවරයා හා මන්ත්‍රිවරු අතර උණුසුම් කතාබහක් ඇතිවු අතර, මහා ගාලගෝටිටියක් බවට පත්වුහ. විනාඩි 30කට අසන්න කාලයක් ඒ මේ ආකාරයෙන් නිති රිති ගැන කතා කරමින් වාදවිවාද සමගින් හබරාදුව සම්බන්ධිකරණ රැස්විම වඩාත් උනුසුම් වූ අතර මහා ගාල ගොට්ටියක් බවට පත් වුහ. මේ අනුව වහාම පොලිසිය පැමිණි මන්ත්‍රිවරු සභාවෙන් ඉවත් කරන්ට පියවර ගන්නා ලෙස සම සභාපති නිතිඥ තාරක නානායක්කාර පොලිසියට පවසනවාත් සමඟ යළිත් සභාවේ ඇතිවුයේ ගාලගෝට්ටියකි. ඒ සමගම පොලිසිය සභාවට ඇවිත් මන්ත්‍රිවරු ඉවත් කරන්නට පියවරගන්නට තැත් කරද් දී ඒකාබද්ධයේ මන්ත්‍රිවරු සභාවෙන් පිටව ගියේ විරෝධතා සටන් පාට කියමිනි. මෙහි දී අදහස් දැක්වු හබරාදුව එ.ජා.ප ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර මහතා, (කරුණාකර මේ සභාව වත්වාගෙන යන්නට අවස්ථාව දෙන්න.චක්‍ර ලේඛනයට අනුව කටයුතු කරනවා.රජයේ නිලධාරින් අපහසුතාවයට පත්කරන්න එපා. අපි ජනතාව වෙනුවෙන් ලැජ්ජාවෙනවා. චක්‍රලේණන අනුව කටයුතු කරනවා.කරුණාකර. දැන් පොහොට්ටුවේ විනෝද සමය අවසන් වුවා සිල්ලර දේශපාලනය කරන්නේ.විලි ලැජ්ජයි.) මේ එම අවස්ථාවේදි අදහස් දැක්වු දකුණු පළාත් සභාවේ ඒ.ජී.සී පියසිරි මහතා , (සම්බන්ධි කමිටුවට අවස්ථාව දෙන්න කියලා මම කියනවා.ස්වදේශිය කටයුතු අමාත්‍යංශයේ නිකුත් කළ චක්‍ර ලේඛනය ඉවත් කර ගන්න.) හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර මහතා පැවුසුවේ මෙවන් ප්‍රකාශයකි. (උප සභා පතිතුමාට චක්‍රෙල්කනයක් කියවා තේරුම් ගන්නත් බෑ.දකුණු පළාත් සභාවේ මන්ත්‍රි තුමා ඒජීසී පියසිරි මහතාටද මේ වාගේ චක්‍රලේඛනයක් කියවා තේරුම් ගන්න බෑ.එතුමා සිදු කළ යුත්තේ,පළාත් සභාවේ මෙය කතා කිරිමයි. ඒකාබද්ධ පෙරමුණේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ කතා කළ යුතුයි. මේතන කිකක් බොරුවට කෑ ගහනවා.මෙතන ඇවිත් රිලා නැටුම් නැටුවාට මේවා කඩා කප්පල් වෙන්නේ නෑ.) හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා( ශ්‍රි ලංකා පොජන පෙරමුණ) (අපි ප්‍රාදේශිය සභාව සතු බල ය ඇති පරිසරයේ කිසිදු සංවර්ධන කටයුත්තකට අපි ඉඩ දෙන්නේ නෑ. සභාවේ දේපල හා සම්පත් පරිහරණය කරන්න ඉඩදෙන්නේ නෑ.මොන පෙරළිය කරන්නවත් ගමට එන්න එපා අපෙන් අවසරයක් දෙන්නේ නෑ.) හබරාදුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක තිසර ගුණසිංහ මහතා, (අද මේ සිදුවන් දේ මම මෙය මම අනුමත කරන්නේ නෑ. තාරකත් තිසරත් මේ බරටේ දේශපාලනය කළ ජනතා නායකයන්ගේ පුත්තු දෙන්නෙක්. නන්ද ගුනු සිංහ මැතිතුමා මාගේ පියා තාරක නානායක්කාර බස්නාහිරි පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා අවශයෙන් දැනට කටයුතු කරන්නේ එතුමා මන්ත්‍රිවරුයෙක් ඇමතිවරයෙක් වශයෙන් මේ හබරාදුව ආසනයට මාගේ දිවන්ගත පියා සමගින් හබරාදුවට සේවය කළා. සංවර්ධනය කළා.මේ පොහොට්ටුවේ මන්ත්‍රිවරු මේ ය මහා විහිළුවක් සේවකයන් ධන ගස්සනවා. සේවකයන් දන ගස්සනවා ගස් බදිනවා මේය තමයි සිදුකරඑන්නේ. වැරදි වැඩක් මේක අපි පිළිකුලින් යුතුව හෙලා දකිනවා.) හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක ලයනල් ඉපලවත්ත මහතා, (මෙය අද සිදු කළ දේ වැරදියි.අපි ආණ්ඩු පක්ෂයක් හැටියට සාමකාමීව කියාත්මක උනා. මන්ත්‍රිවරු සිල්ලරවැඩ කරනවා. ගම්පෙරලිය වැඩ සටහන මගින් වැඩ ගමේ කරනකොට පොහොට්ටුවේ මන්ත්‍රිවරු ඇවිත් කලබල කළා මේ රැස්විම් කඩා කප්පල් කරන්න කටයුතු කරනවා. නමුත් මේය වැරදියි.ලැජ්ජ නැතුව ඇවිත් මෙය කඩා කප්පල් කරන්නට නොහැකිව ඉවත්ව ගියා.) ජනතා විමුත්ති පෙරමුණ හබරාදුව ප්‍රාදේශිය සභා මන්ත්‍රි ලාල් ගමගේ මහතා, (චක්‍රලේඛනයට අනුගත විය යුතුයි. සභාවේ මන්ත්‍රිවරු පත්වු අනුපාතයට අනුපාතයක් දුන්නා නම් හොඳයි. අපි දැන ගන්තේ නෑ විරෝධතාවය සම්බන්ධයෙන් අපි කරන්නේ හොඳ දේට හොඳයි කියනවා වැරදි දේට වැරදිය කියනවා. අපි ජනතාව නියෝජිනය කරනවා. මේයයි කල යුතුව තිබුනේ. අපි සම්බන්ධිකරණ රැස්වීමි වර්ජනය කරන්නේ නෑ.) කෙසේ නමුත් අද 15 හබරාදුව සම්බන්ධිකරණ රැස්විම ඇතිවු ගාලගෝට්ටයට පසුව සුපුරුදු පරිදි පවත්වාගෙන ගියහ. පොලිසිය සභාව අවසන්වන තුරු හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල ආරක්ෂාව දැඩිලෙස රදවා තිබෙනු දැකිය හැකි විය.
 

More News..