brand logo

හබරණ මව සහ පුතුගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි

23 June 2021

පොළොන්නරුව - හබරණ - කිතුල්උතුව ප්‍රදේශයේ විදුලි කාන්දුවක් හේතුවෙන් මියගිය බවට පැවසුණු මව සහ පුතු වෙඩි තබා ඝාතනය කර ඇති බවට හෙළ වී තිබේ. වෙඩි තැබීම සිදුකළ 24 හැවිරිදි තරුණයා අද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසයි පසුගිය 20 දින අලුයම් කාලයේ පැල් රකිමින් සිටියදී 45 හැවිරිදි මව සහ 13 හැවිරිදි ඇගේ දරුවා මියගොස් තිබූයේ විදුලි රැහැනකින් සිදුවූ විදුලි කාන්දුවකින් බව ප්‍රකාශ විය. කෙසේ නමුත් එම මව සහ පුතු සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියයෑමට හේතුව වෙඩි තැබීමක් බව මේ වන විට අනාවරණය කර ගෙන ඇත.
 

More News..