brand logo

හඳුනා නොගත් මත් පෙති තොගයක් සොයා ගනී

22 November 2022

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් කළ වැටලීම

කළුබෝවිල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හඳුනා නොගත් මත් පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. සැකකරු සමඟ මත් කරල් 78600 ක් පොලිසිය භාරයට ගෙන ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මත් කරල් 4800 ක් සමග මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කළුබෝවිල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙම මත් කරල් තොගය සොයා ගත් බව පොලිසිය කියයි. අවුරුදු හතළිස් හතක් වන සැකකරු දෙහිවල පදිංචිකරුවෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මෝදර පොලිසිය වෙත භාරදී ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන කරයි. බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම
 

More News..