brand logo

හදිසි විදුලි කප්පාදුව ගැන සොයන්න විශේෂ කමිටුවක්

07 February 2020

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව ඇතැම් පළාත්වල සිදු කල විදුලි කප්පාදුව පිළිබඳව විමර්ශනය සඳහා විශේෂ කමිටුව පත් කර තිබේ. දිවයිනේ ඇතැම් පළාත්වල පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මේ නිසා මහජනතාව මෙන්ම රජයද දැඩි අසීරුතාවයකට මුහුණ පෑ අතර ,මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙසත් ඒ සඳහා කමිටුවක් පත්කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ඇමතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දී තිබේ.
 

More News..