brand logo

හදිසි මරණ පරීක්ෂක පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර

22 December 2020

දිවයින පුරා හදිසි මරණ පරීක්ෂක පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යංශය සදහන් කළේ දිවයින පුරා හදිසි මරණ පරීක්ෂණ කොට්ඨාශ 824ක් ක්‍රියාත්මක වන අතර, දැනට හදිසි මරණ පරීක්ෂණ කොට්ඨාශ 302ක පුරප්පාඩු පවතින බවයි. එම පුරප්පාඩු අප්‍රමාදිව සේවා සැපයීම සදහා වහාම එකී පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර ගෙන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා උපදෙස් දී ඇත. මෙම තීරණය ගනු ලැබුවේ හදිසි මරණ පරීක්ෂකවරුන් සදහා ආරක්ෂක ඇදුම් කට්ටල ලබාදීම හා ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහා එම නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදීය. ඒ අනුව අදාළ පුරප්පාඩු ගැසට් පත්‍රයේ පළකොට දුරස්ථ ක්‍රමවේදය යටතේ (online) සුදුසුකම් අනුව තෝරාගත් අයදුම්කරුවන් කඩිනමින් පරීක්ෂණයට භාජනය කොට පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පයිවර ගැනීමට නියමිතය.
 

More News..