brand logo

හදිසි ආපදා මෙහෙයුම්වලින් ත්‍රිවිධ හමුදාව ඉවත් කිරීමේ සැලසුමක්

06 July 2019

ජාතික ආපදා කළමනාකරණ සභාවට නොදන්වා ආපදා කළමනාකරණ ඒකකයේ හා දිස්ත්‍රික්කවල ස්ථානගත කර සිටින ත්‍රිවිධ හමුදාවෙන් සැදුම්ලත් හදිසි මෙහෙයුම් ඒකකයන් හා දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාල ඉවත්කිරීමට එහි උසස් නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. පැය 24 පුරාවටම ක්‍රියාත්මක වන මෙහෙයුම් මැදිරියේ හා දිස්ත්‍රික් පහක ස්ථාපිත කර සිටින ත්‍රිවිධ හමුදාව සහන කණ්ඩායම්වල අණදෙන නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට සිවිල් නිලධාරීන් යටතට එම ඒකක පත් කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා සහකාර අධ්‍යක්ෂවරුන් පස් දෙනකුද බඳවා ගෙන තිබේ. මෙසේ සිවිල් නිලධාරීන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ලබාදෙන නියෝග පිළිපැදීමේදී ගැටලු මතු විය හැකිය. දැනට දිස්ත්‍රික්ක පහක (05) ඇති හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන කළුතර, මාතර, ගාල්ල, හම්බන්තොට හා කොළඹ යන දිස්ත්‍රික්කවල යුද හමුදා සහ ගුවන් හමුදා නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වෙයි. ගෙවුණු කාලයේ ඇති වූ නායයෑම්, ගංවතුර ආදී ආපදාවන්වලදී එම හදිසි මෙහෙයුම් ඒකකකවල ආරක්ෂක නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී සිදුවීමට ගිය ව්‍යසනයන් අවම කළ අවස්ථා බෙහෙවින් වාර්තා විය.
 

More News..