brand logo

හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න නව ඖෂධ ගබඩා

27 September 2020

හදිසි අවස්ථාවකදී රෝගී සත්කාරක සේවා සඳහා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මාස හයකට තරම් ප්‍රමාණවත් ආරක්ෂිත සංචිතයක් පවත්වා ගෙන යාමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. කොවිඩ් - 19 වැනි වයිරස් වසංගතයක් ඉදිරියේදී ඇති වුවහොත් රෝගී ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට බාධා ඇති වන බව අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ. එම නිසා ඖෂධ හා වෛද්‍ය උපකරණ ගබඩා කිරීමට ඒකල හා දිගන නව ඖෂධ ගබඩා දෙකක් ඉදි කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. විශේෂයෙන් මහනුවර දිගන ප්‍රදේශයේ ඉදිරියේදී විවෘත කිරීමට නියමිත සේලයින් නිෂ්පාදනද රැස් කර තබා ගැනීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැත. එම නිසා මහවැලි අධිකාරියට අයත් ගඩබාවක් භාවිත කිරීමටද අමාත්‍යාංශය තීරණය කර ඇත. වැලිසර ප්‍ර‍දේශයේ දැනට ඉදිකෙරෙන ගබඩාවේ ඉදිකිරීම් කඩිනම් කිරීමටද තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. උදයජීව ඒකනායක
 

More News..