brand logo

හදිසියේ ඇඳුමකින් මතුවූ දේ

21 May 2022

පොලිස් පරීක්ෂණවලදී නොසිතූ දෙයක් අනාවරණය වෙයි

පසුගිය (19) වන දින කොළඹ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි පුද්ගලයෙක් විසින් අදාළ සැකකරුට ලබාදීමට ගෙනැවිත් තිබු ඇඳුම්වල සඟවාගෙන ආ හෙරොයින් මිලි ග්‍රෑම් 1110 ක් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එදින පස්වරුවේ මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය තොගය කලිසම් දෙකක ඇතුළතින් මසන ලද වාටිවල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා රැඳවියා බැලීමට පැමිණ ඇත. සැකකරු පිලිබඳ වැඩිදුර විමර්ශන බොරැල්ල පොලිසිය විසින් සිදුකරයි.
 

More News..