brand logo

හතුරු හදිසියේ ලංකාවට කැඳවීමේ තීරණයක්

14 March 2019

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය. මේ වන විට දකුණු අප්‍රිකාවේ සිටින චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් එක්දින තරගයෙන් අනතුරුව දිවයිනට කැඳවීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ටෙව් රික්සන් කණ්ඩායම සමග එක්වනු ඇති. ඉදිරියේදී ලෝක කුසලාන තරගාවලිය පිළිබදව චන්දික හතුරුසිංහ සමග විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වේ.
 

More News..