brand logo

හත්මාසයකින් නොකෑවා වගේ පීසා කන්න මහ රෑ මහ පාරේ

25 September 2021

ඇඳිරි නීතිය කඩමින් KFC අවන්හල් සොයා ඇවිත්

පීසා හල් ඉදිරිපස පෝලිමේ ඉන්න කුඩාරම් ගසති

ඉල්ලුමට සැපයුම දෙන්න බැරිව කඩ වේලාසනින් වැසේ

සෙනග පාලනය කරන්න පොලිසියත් කැඳවයි

කොරෝනා වසංගතයෙන් ගැලවී දින 150කට අධික කාලයක් සැනසිල්ලේ කල්ගත කළ නවසීලන්ත වැසියන් මීළඟට ආ කොරෝනා රැල්ලට හසුවී නිවාස අඩස්සියට පත්ව සති පහක් ගතවිය. මේ කාලය පුරාම ව්‍යායාමයට හැර එළියට නොබැස නිවාසවලටම සීමාවී කල් ගෙවීමට ඕක්ලන්ඩ් වැසියෝ වගබලා ගත්හ. ගෙවුණු සතියේ අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඕක්ලන්ඩ් ලෙවල් 3 තත්ත්වයට පත්කෙරෙන බව රජය මගින් ප්‍රකාශයට පත්කිරීමත් සමග ඔවුන්ගේ වැඩි‌දෙනකුගේ මුහුණු සිනාවෙන් බැබළෙන්නට විය. ලෙවල් 3 ප්‍රකාශයට පත්වීමත් සමග ආපන ශාලාවලට ආහාර අලෙවි කිරීමට අවසර ලැබීම නිසාය. නවසීලන්තයේ විශාලතම නගරයේ වැසියන්ගෙන් වැඩි දෙනකු ඒ ලද නිදහස සමරන්න ලකලැහැස්තිවූයේ හත්මාසයක් කෑම නොකා සිටි අයමෙනි. Drive-throughs are busier than ever during the pandemic – but they're hotspots for air pollution මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, පීසාහට්, ඩොමිනෝ, කාල්ස් ජූනියර්, ටැකෝ බෙල්, බර්ගර් කිංග් හා කෝපි අලෙවිහල් මෙන්ම මෙරටේ ප්‍රසිද්ධ සියලුම ආහාරපාන අලෙවිහල්වලට පාරිභෝගිකයන් ඇතුළට වැද්ද නොගෙන රැගෙන යන ආහාර පාන අලෙවියට පමණක් ලෙවල් 3 යටතේ අවසර ලැබේ.  මේ අවසරයත් සමග පසුගිය මාසයක් පුරා පාළුවට ගොස් තිබූ මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, පිසාහට් හා බර්ගර් කිංග් වැනි සුප්‍රසිද්ධ ආපනශාලා සිය සේවකයන් කැඳවමින් අඟහරුවාදා පෙරවරුවේ සිටම වැඩ ආරම්භ කර තිබෙනු දක්නට ලැබිණ. විශාල ආපනශාලා සිය සේවකයන් සේවා මුර ක්‍රමයට සේවයේ යොදවා තිබුණේ රටේ සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව යමිනි. නවසීලන්තය ඇතුළු බොහෝ රටවල ඇති බොහොමයක් ක්ෂණික ආහාර සපයන ආපනශාලා අයත්වනුයේ ඇමෙරිකානු ලෝක ප්‍රසිද්ධ ආහාරපාන ජාලයන්ටය. මේ සුපිරි ආපනශාලා ඇතුළත අඟහරුවාදා මධ්‍යම රාත්‍රි දොළහටත් සේවයකයන් යුහුසුලු වෙමින් ආහාරපාන සැකසීමේ නිරත වූයේ ඕක්ලන්ඩ් නුවරුන්ගේ තරම දන්නා නිසා විය හැකිය.

මේ සියලුම ආපනශාලාවල වාහනයේ සිටිමින් එක් කවුළුවකින් ඇණවුම්කර වාහනයෙන්ම ගොස් මීළඟ කවුළුවෙන් මිල ගෙවා අවසාන කවුළුවෙන් ආහාරපාන ගැනීමේ ( Drive Through ) පහසුකම් ඇත. ඊට අමතරව ඔන්ලයින් ක්‍රමයට ආහාර පාන ඇණවුම් කර විශේෂ කවුළුවකින් එම ආහාර ලබා ගැනීමේ පහසුකම් ද සැපයේ. මෙහිදී කිසිම ලෙසකින්වත් පාරිභෝගිකයන් හා සේවකයන් එකිනෙකා හමුවීමක් සිදු නොවේ. එසේම ආහාර පාන මිලදී ගැනීමේදී කාඩ්පත් මගින් පමණක් ගෙවීම් සිදුකළ යුතුය. එනිසා මුදල් අතපත ගෑමක් හා පුද්ගලයන් මුණ ගැසීම් සිදුනොවන බැවින් රෝග ව්‍යාප්තිය පාලනය වේ.

McDonald's stores run out of lettuce due to high demand for fastfood | Stuff.co.nz සාමාන්‍යයෙන් මැක්ඩොනල්ඩ් ආපනශාලා පැය 24 විවෘතව තැබේ. පළාතෙන් පළාත අනුව ඇතැම් ඒවා විවෘත කෙරෙනුයේ උදෑසන 5.30ටය. කේඑෆ්සී විවෘත කෙරෙනුයේ උදේ 10 සිට රාත්‍රී 10 දක්වාය. මෙවර ලෙවල් 3 ප්‍රකාශයට පත්වීමත් සමග මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී හා පීසා හට් ආපනශාලා ඉදිරිපස ඇතැමුන් පෙළ ගැසෙන්නට වූයේ මහ රෑ සිටය. සීත කාලය ගෙවී වසන්තය උදාවෙමින් පැවතියත් මේ රටේ රාත්‍රියට තවමත් තරමක සීතලක් පවතී.

එසේ තිබියදීත් සමහරු මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී හා පීසා හට් ඉදිරියේ පුංචි කූඩාරම් අටවාගෙන රාත්‍රිය ගත කළේ හිරු උදාවත් එක්කම පෝලිමේ මුලට සිටීමේ අවස්ථාව ගැනීමේ අදහසිනි. එවන් අයෙක් සිය කූඩාරම අටවාගෙන සිට ඇත්තේ පපකුරා ප්‍රදේශයේ කේඑෆ්සී අවන්හලක ආහාර ඇණවුම් කරන කවුළුවකට මීටරයක පමණ දුරකිනි. ඇතැම් වාහන පෝලිම් පටන් ගෙන තිබුණේ පෙරදා එනම් රජයේ නිවේදනය දැනුම් දුන් දිනයේ රාත්‍රී අටේ සිටය. තවත් අය වාහනය ඇතුළේම රාත්‍රිය ගතකර තිබිණ. 

වාහනයෙන්ම ගොස් ආහාර ගන්නා පෝලිම් කිලෝමීටර් ගණන් දිගට ඇදී ගියේ වාහන පාලනයට රථවාහන පොලිසියද කැඳවමිනි. ඉල්ලුමේ තරමට සැපයීම වේගවත් නොවීම නිසා එසේ වාහන පෝලිම් දිගු වෙමින් එක තැන නතර වෙමින් ඉබි ගමනේ ඇදෙද්දී සමහරුන් වාහනවල සිට ගී කියමින් විහිළු තහළු කරගනිමින් 'හුරේ දමන' අන්දමද මාධ්‍ය මගින් විකාශය කෙරිණි.  

'' වාහන හැසිරවීමට තබා තිබූ පුවරු ඉවත් කරන්න වුණා උදෙන්ම. අපි දැක්ක විදිහට මුල්ම වාහනය ආවේ පාන්දර පහට. එතැන් සිට දිගටම පෝලිම හැදුණා. ලෙවල් 3 කළ මුල් දිනත් ඊට පසු දෙදිනත් පෝලිම් අඩුවුණේ නෑ'' නවසීලන්තයේ ඩො‍‍මිනෝස් සමූහයේ සාමාන්‍යාධිකාරී කැමරන් ටූමි මාධ්‍යයට පවසා තිබුණේ එසේය.

මෙදා වැඩිම ජනතාව පෙළ ගැසුණේ මැක්ඩොනල්ඩ් ආපනශාලා අසලය. බටහිර ඕක්ලන්ඩ් හි එක් මැක්ඩොනල්ඩ් ආපනශාලාවක් ඉදිරිපස අඟහවරුවාදා මධ්‍යම රාත්‍රී වෙද්දී පෙළ ගැසී තිබු වාහන සංඛ්‍යාව 80 ඉක්මවා තිබුණි. එනිසා සේවකයෝ පාන්දර එක වෙද්දී ආහාරපාන අලෙවි කිරීම ආරම්භ කළහ. අනෙකුත් ආපන ශාලා සුපුරුදු වේලාවට විවෘත වෙද්දී ක්‍රමයෙන් වාහන පෝලිම් දිග්ගැස්සෙනු දක්නට ලැබිණ. නවසීලන්තයේ Ubereats සේවාව ද ඉතා ජනප්‍රියය. Ubereats යනු පාරිභෝගිකයා ආපනශාලාවකින් ඇනවුම් කරන ආහාර වාහනයකින් නිවෙසටම ගෙනැවිත් දීමේ සේවාවකි. මේ සඳහා අදාළ ආපනශාලාව Ubereats යටතේ ලියාපදිංචි විය යුතුය. කොවිඩ් ලෙවල් 4 අවස්ථාවේ Ubereats තහනම් වුවත් ලෙවල් 3 වෙද්දී එම සේවාවට ද අවසර ලැබිණි. මෙවර උදේ පාන්දර සිටම විශාල ලෙස Ubereats සඳහා ඇණවුම් ලද බව වාර්තා විය. සාමාන්‍ය දිනකදී Ubereats සේවාවේ යෙදෙන අයකුගේ දිනක ආදායම දළ වශයෙන් ඩොලර් 150 වෙද්දී මෙදින උදේ දහය වෙද්දී ඒ ආදායම ඉක්මවීමට ඇතැම් Ubereats රියැදුරෝ සමත් වූහ. '' මගේ ආපන ශාලාවට අද ලැබුණු ඇණවුම්වලින් වැඩිම ප්‍රමාණයක් ආවේ Ubereats ඇණවුම්. මෙවැනි තැන්වලට පැමිණ ආහාර ඇණවුම් කරනවාට වඩා ගෙදර සිටම ඇණවුම් කිරීමට ගොඩක් පාරිභෝගිකයන් පුරුදුවෙලා ඉන්නවා.'' යැයි පිලිපීන ආහාර සපයන ආපන ශාලාවක හිමිකාරිනියක වන එරිකා සියා පවසන්නීය. Uber Eats: What happens to the food they don't deliver? | Stuff.co.nz Ubereats සේවයේ යෙදෙන්නන් මෙවර මාධ්‍ය හා ප්‍රකාශ කර තිබුණේ රටේ කොවිඩ් ලොක්ඩවුන් ආරම්භවීමට පෙර තිබුණාට වඩා සියයට දහස් ගුණයකින් තම ඇණවුම් වැඩිවූ බවය. ඕක්ලන්ඩ් එක් කලාපයක පමණක් දළ වශයෙන් 300කට අධික Ubereats රියැදුරන් ක්‍රියාත්මක වූ බව වාර්තා විය. මේ තත්ත්වය වඩාත් වාසිදායක වූයේ රියැදුරන්ට ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබීම හා වාහන තදබදය අවම වීමත් ආපනශාලා රැගෙන යන ආහාර ඇණවුම් හා Ubereats සැපයීම් සඳහා පමණක් ක්‍රියාත්මක වීමත් හේතුවෙනි. ආහාර ලබා ගන්නා පෝලිම් මෙතරම් දිගු වෙද්දී තම වාරය එනතුරු ඉවසන ලෙස හා සේවකයන්ට කරුණාවෙන් සලකන ලෙස ආපනශාලා සමූහයන්හි ප්‍රකාශකයෝ මාධ්‍ය හරහා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියහ. සේවකයන්ට සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් පිරිසුදු කිරීමේ කටයුතුවල යෙදීමට සිදුවීම හා නිතර මුඛ හා අත්ආවරණ මාරු කිරීම කරන බැවින් සැපයීමේ ප්‍රමාදයන් සිදුවන බව දැනුවත් කරමිනි.

නවසීලන්තයේ ක්ෂණික ආහාර ලබා ගත හැකි ආපනශාලා විවෘත වීමත් සමග වැඩිපුරම අලෙවි වූයේ අර්තාපල්වලින් සාදන hash browns, බැහැර ගෙනගොස් පානය කරන කෝපි, බැදපු කුකුල් මස්, ෆිෂ් ඇන්ඩ් චිප්ස් (බැටරයේ දමා බැදපු මාළු පෙති සමග බැදපු අල තීරු) හා මස්පෙති දැමූ බනිස් වර්ගය. මේ අතරිනුත් ඕක්ලන්ඩ්වාසීන්ගෙන් වැඩිපුරම ඉල්ලුමක් ලැබී තිබුණේ 'බර්ගර්' වර්ගවලටය. මැක්ඩොනල්ඩ්, බර්ගර් බර්ගර්, ටයිගර් බර්ගර් සහ රීබර්ගර් යනාදී නම්වලින් නානාප්‍රකාර බර්ගර් පමණක් අලෙවි කරන ආපනශාලා ලද ඇණවුම් වලින් ඒ බව හෙළිවේ. එක් වර්ගයක පමණක් ආහාර අලෙවි කරන ඇතැම් ආපනශාලා වැඩිවේලාවක් යෑමට පෙර වසා දැමීමට සිදුවූයේ ඔවුන්ගේ ආහාර විකිණී අවසන්වීම නිසාය.

මැක්ඩොනල්ඩ් බනිසයක් කන්නට මහ රෑ සිට පෝලිම්වල ලගිනා, කේඑෆ්සී කුකුළු අණ්ඩක් කන්නට මහපාරේ නිදාගන්නා මේ මිනිසුන් කරන කියන ඇතැම් දේ සැබැවින්ම අපට හිතාගන්නවත් බැරිය. කොවිඩ් නීති කඩකරමින් ඕක්ලන්ඩ් පළාතට ඇතුළු වීමට තැත් කළ වාහනයක් පසුගියදා පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී එහි සිටි දෙදෙනා පවසා ඇත්තේ අපූරු කතාවකි. හැමිල්ටන් පළාතේ සිට ඔවුන් පැමිණියේ කේඑෆ්සී අවන්හලක් සොයාගෙන බවයි. තවත් අවස්ථාවක පොලිසිය මඟහරිමින් හරවා යෑමට උත්සාහ ගත් වාහනයක් පරික්ෂා කිරීමේදී වාහනයේ ඩිකිය පුරා තිබූ කේඑෆ්සී බැදපු කුකුළු මස් පැකට් තොගයක් සමග ඩොලර් ලක්ෂයක මුදල් නෝට්ටු හමුවූ බවයි.
ඕක්ලන්ඩ් ලෙවල් 3 තත්ත්වයට පත්වූ දා බැහැර ගෙන යෑමට කෝපි පමණක් අලෙවි කරන ඇතැම් ආපනශාලාවල උදෑසන අට වෙද්දී අලෙවිකර තිබූ කෝපි කෝප්ප ගණන දෙසිය තුන්සිය ගණනකි. නවසීලන්ත ජනතාව බෙහෙවින් කෝපි පානය කරන්නෝය. ඔවුන්ගේ උදෑසන ආහාරවේලට කෝපි කෝප්පයක් අනිවාර්යයෙන්ම එක්කර ගනිති. වැඩිහිටි පරපුර තේ පානය කළත් තරුණ පරපුර ඇබ්බැහිවී සිටිනුයේ කෝපි පානයටය. කළුපාට කෝපිවල සිට ලැටේ, ෆ්ලැට් වයිට්, එස්ප්‍රෙසෝ, හොට් චොක්ලට් යනාදී ලෙසින් විවිධ වර්ගයේ කෝපි පාන ඒ අතර වේ. 
සුදු ජාතිකයන් මේ කෝපි කෝප්පයට සීනි එක්කර නොගන්නා තරමටම දූපත්වාසී ජනතාව සීනි බහුලව පරිභෝජනය කරති. Coffee and Diabetes - Benefits of Coffee & Effect on Blood Sugar මේ සියල්ල තමන්ගේ නිවෙස්වලින් ම පිළියෙල කරගත හැකි ආහාර වර්ග වුවත් ඇතැම් නවසීලන්තවාසීන් මේ ලෙසින් ක්ෂණික ආහාර ගැනීමට පොරකෑම අපවැනි ආසියාතික රටවල ජනතාවටනම් පුදුමයකි. මෙහිදී පැවසීමට තවත් යමක් තිබේ. අපරටේද කේඑෆ්සී, පිට්සා හා මැක්ඩොනල්ඩ් වැනි ආපනශාලා බොහොමයකි. ඒවායේ මිල ගණන් සාමාන්‍ය ආපනශාලාවල දේශීය ආහාරපානවලට වඩා මිලෙන්ද අධිකය. අපේ බොහෝ දෙනා මෙවැනි ආහාරපාන සිය දරුවන්ට ලබාදීමට පෙලැඹී සිටිනු දැකිය හැකි අතරම තවත් සමහරකුට එවැනි කෑම සිහිනයක්ම පමණි. අපේ රටේ ද ඇතැම් අය ''ඊයේ අපි කේඑෆ්සී ගියා.'', '' බබාගෙන් බේරෙන්න බෑ අනේ පීසා ඉල්ලලා. අපි බර්ත්ඩේ පාටිය පීසා හට්එකේ ගන්නවා'' යනාදී ලෙසින් පවසනු අපි අනන්තවත් අසා ඇත්තෙමු.

එසේ වුවත් නවසීලන්තයේ බොහෝ සුදු ජාතිකයෝ කේඑෆ්සී හා පිට්සා වැනි ආහාර අපත ආහාර (junk food) ලෙස සලකති. අවම පෝෂණයකින් යුතු ලෙඩරෝගවලට අතවනන මෙවැනි ක්ෂණික ආහාර අලෙවිකරන ආපනශාලාවලට ඔවුහු පය නොගසති.

''අපෝ මේ රටේ සුද්දො යන්නේ එක්කෝ කැෆේ එකකට නැත්නම් රෙස්ටුරන්ට්. උන් බර්ගර්ස් කෑවත් කන්නේ හොඳ බර්ගර් ෂොප්ස්වලින්'' මේ රටේ සුද්දන්ගේ කේඑෆ්සී හා පීසාහට් යෑම ගැන ඇසූ මා ලද පිළිතුරකි ඒ. සුදු ජාතිකයෙක් වුවද මෙවැනි ක්ෂණික ආහාර සපයන ආපනශාලාවලට යතොත් යන්නේ අඩු ආදායම්ලාභීන්ය. නැත්නම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත සුදු ජාතිකයන්ය. සුදු ජාතිකයෙක් සාමාන්‍යයෙන් පීසා ඇණවුම් කළත් ඔවුන් ඉල්ලන්නේ ඩොලර් 30-40 වැයවන පීසා බව එහි සේවකයෙක් පැවැසීය. එසේනම් මෙලෙසින් කේඑෆ්සී හා පිට්සාහට් වැනි ආපනශාලා අසල පොරකන්නේ කවුරුන්ද යැයි කාටත් කුතුහලයක් ඇතිවනු නිසැකය. කේඑෆ්සී හා පිට්සා යනු මේ රටේ අවම මුදලකට ලබාගත හැකි මිලෙන් අඩු ආහාරපානය. ආහාර වේලක් වෙනුවෙන් වැයවෙන්නේ ඩොලර් 10කට අඩු මුදලකි.   එවැනි ආහාර සඳහා වැඩිම ඉල්ලුමක් ඇත්තේ දූපත්වාසී ජනතාවගෙනි. අයිලන්ඩර්ස් හෙවත් පැසිපික් ජනතාව ලෙසින් හඳුන්වන ඔවුහු නවසීලන්තය ආසන්නයේ පිහිටි සැමෝවා, කුක් දූපත්, ටොංගා, ෆීජි හා කිරිබටී වැනි දූපත්වලින් පැමිණියෝ වෙති. වෙනස්ම ආහාර රටාවක් සහිත ඔවුහු ශරීර ප්‍රමාණයෙන්ද උස්මහත්ය. මුහුණේ ස්වභාවය අනුව ඔවුන් වෙනස්ව හඳුනාගත හැකිය. මීට අමතරව මෙරට ආදිවාසී ජනතාව වන මවුරි ජාතිකයන් හා මිශ්‍ර වූ ජනතාව ගේ ආහාරද බොහෝ සෙයින් මෙවැනි ආහාරපානය. දූපත්වාසී ජනතාවගේ දරුවන්ගේ ස්ථුලභාවය නවසීලන්ත රජයට දැවෙන ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන්ගේ මේ ආහාර රටාව නිසාය. ඇතැම් පවුල්වල දරුවන් මැක්ඩොනල්ඩ් බනිසයක් හා බැදපු කුකුළුමස් අඬුවකට වඩා දෙයක් මුළු ජීවිත කාලයේම කා නැති බවට ද මෙහි කතාවක් පවතී. ඔවුහු එතරම්ම මේ ආකාරයේ ආහාරපාන වලට ඇබ්බැහිව සිටිති. අප රටේ ෆැන්ටා කොකාකෝලා පෙප්සි ස්ප්‍රයිට් වැනි පැණි බීමවර්ගවලට ද මේ ජනතාව අතර ඇත්තේ ඉහළ ඉල්ලුමකි. පැණිබීම හඳුන්වන්නේ ' fizzy drink' ලෙසිනි. නවසීලන්ත දූපත්වාසි ජනතාව අතර වැඩිම ඉල්ලුමක් ඇත්තේ කොකාකෝලාවලටය. මීළඟට ස්ප්‍රයිට්, චාලි, මවුන්ටන් ඩිව් හා පෙප්සි මැක්ස්ය. ඉතින් රට ලෙවල් 3ට පැමිණ තහංචි ඉවත් කෙරෙද්දී මහ රෑ නිදිවරාගෙන මැක්ඩොනල්ඩ් කන්නට මෙලෙස පෝලිම් ගැසී වැඩිපුරම සිටියෝද මේ දූපත්වාසී ඕක්ලන්ඩ් වාසීහුම වූහ. New Zealanders line up for takeaway as COVID-19 restrictions ease, Auckland remains under stage four lockdown - ABC News සීමා තහංචි ඉවත්වූදා ක්ෂණික ආහාර කෑමට මේ ජනතාව පොරකෑ අන්දම පිළිබඳ ඉන්පසු දින කීපය පුරාම මාධ්‍ය දිගින්දිගටම වාර්තා කළේය. සාකච්ජා මණ්ඩප පවත්වමින් එකිනෙකාගේ අදහස් විමසුවේය. ඒ අනුව ඇසුණු වැදගත්ම දෙය වූයේ නවසීලන්ත ජනතාවගේ දියවැඩියා හා කොලොස්ටරෝල් මට්ටම පසුගිය වසරට වඩා මේ වසරේ ඉහළ අගයක් ගනු ඇති බවට රටේ සෞඛ්‍ය බලධාරීන් අනුමාන කරන බවයි. ආහාර රටා දත්ත වාර්තා අනුව මේ වසරේ දී පසුගිය වසරට වඩා වැඩි ප්‍රමාණයක ජනතාවක් 'අපත ආහාර' අනුභව කර ඇති බවට වාර්තාවී ඇතැයි එම මාධ්‍ය වාර්තා කර තිබිණි. ​ෙකාවිඩ් තහංචි ලිහිල් වෙද්දී ඕක්ලන්ඩ් වාසීන් පොරකමින් මැක්ඩොනල්ඩ් කේඑෆ්සී හා පිසාහට් වටේ පෝලිම් ගැසුණේ අසල්වැසි ඔස්ට්‍රේලියානුවන් කළ දේම කරමින් බවද පැවසේ. ඔස්ට්‍රේලියානුවන්ද වරක් ෙකාවිඩ් සීමා ලිහිල් වෙද්දී මෙලෙසින්ම ක්ෂණික ආහාර ආපනශාලා වටා රොද බැඳගත් බවත් නවසීලන්තවාසීන්ද ඔවුන් අනුව යමින් එකට එක කර පෙන්වූ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් ඔවුන් එලෙස කාබී විනෝද වෙද්දී නවසීලන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් පවසා තිබුණේ ෙකාවිඩ් ලෙවල් 3 තීරණයත් සමග නින්ද තමාගෙන් ඈත්ව ගිය බවයි. මන්ද මේ නිදහස බුක්ති විඳි ජනතාවගේ හැසිරීම අනුව නොදුරු අනාගතයේදී අලුත්ම ෙකාවිඩ් රැල්ලක් වාර්තාවනු ඇතැයි හෙතෙම බිය පළ කරයි සේමාලි කැල්ලපත නවසීලන්තයේ සිට...
 

More News..