brand logo

හජ් වන්දනාවට සෞදියට පැමිණීම විදේශිකයන්ට තහනම්

24 June 2020

මේ වසරේ සෞදි අරාබියේ මැකා නුවර හජ් වන්දනාව සඳහා සහභාගි වීමට විදෙස් වන්දනාකරුවන්ට අවසර නොදීමට එරට රජය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ රට තුළ කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙසිනි. ඉතා සීමිත පිරිසක් පමණක් මෙවර මේ සඳහා සහභාගි වනු ඇති බවත්, විවිධ රටවලින් දැනටමත් එහි පැමිණ සිටින යම් පිරිසකටද එහි දී අවසර ලැබෙනු ඇති බවත් සඳහන් වේ. සාමාන්‍යයෙන් සෑම වසරකම හජ් වන්දනාව සඳහා ලක්‍ෂ 20ක පමණ වන්දනාකරුවෝ පිරිසක් සෞදි අරාබිය වෙත පැමිණෙති. මෙම වසරේ එරට හජ් උත්සවය මුළුමනින්ම අවලංගු කරනු ඇති බවටද පසුගිය දිනවල සැක මතු වී තිබිණි. සඳුදා වනවිට කොරෝනා ආසාදිතයන් 160,000කට වැඩි පිරිසක් සෞදි අරාබියෙන් වාර්තා වී තිබූ අතර මිය ගිය ගණන 1,300 ක් ලෙස සටහන් විය. සහන් වික්‍රමගේ
 

More News..