හච් පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙසින් 100% ක් Anytime Data පිරි නමයි
16 April 2020
හච් පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙසින් 100% ක් Anytime Data පිරි නමයි
16 April 2020
පාරිභෝගිකයන්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100 % ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම් දී තිබේ. ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day Time Data අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති Night Time Data ලබා ගැනීම සඳහා හච් පාරිභෝගිකයන්ට තවදුරටත් මධ්‍යම රාත්‍රිය තෙක් බලා සිටීමට සිදු නොවේ. මෙම හච් Anytime Data වෙනස සමග, පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට සම්පූර්ණ ඩේටා ප්‍රමාණය වැය කරමින් දවසේ ඕනෑම කාල වේලාවක් තුළ නිදහසේ අන්තර්ජාලයේ සැරිසැරීමට දැන් අවස්ථාව සැලසී තිබේ.
මෙමගින් පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන්ට සරිලන සේවාවක් ලබාදීමේ අඛණ්ඩ හච් වෑයමද, ගුණාත්මක භාවයෙන් ඉහළම සේවාවක් ලබා දීමට ඇති කැප වීමද යළිත් වරක් ප්‍රදර්ශනය කෙරේ.
ජංගම දුරකතන පාරිභෝගිකයන්ගේ ගැටලු සලකා, මෙම කටයුත්ත සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්ෂණික අනුමැතියද හිමි විණි.
078 හා 072 අංක සහිත සියලු 3G හා 4G හච් පාරිභෝගිකයින් හට දැන් *131# අංකනය කර මෙම පැකේජ සක්‍රිය කරගත හැකිය.
පාරිභෝගික පසුම්බියට වඩාත් හිතකර ක්‍රමවේදයකින් තවදුරටත් data සැලසුම් හඳුන්වා දීමේ හච් පොරොන්දුව තවදුරටත් තහවුරු කරමින්, අලුතෙන්ම හඳුන්වා දුන් හච් Any time Data සැලසුම්වලට රු.47 කට 600MB ක්, රු. 97 කට 1.3GB ක්, හා රු. 197 කට 3GBක්, රු.297 කට 4.7 GBක්, රු. 497 කට 8.2GB ක්, රු. 647 කට 12GB ක් හා රු. 997 කට 20GB ක් දක්වා පැකේජ ඇතුළත් වේ.
“සමාජ වගකීමෙන් කටයුතු කරන සංවේදී සමාගමක් ලෙසින් හච් හැමවිටම පාරිභෝගිකයන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන්දීමට කටයුතු කරනවා. ඔවුන්ගේ ගැටලු හඳුනාගැනීම හා එම අවශ්‍යතා සපුරාලීම හච් හි ජීවන ක්රමවේදයයි. සෑම ශ්‍රී ලාංකිකයකුගේම ඩේටා ගැටලු සම්බන්ධයෙන් අපි සැලකිල්ලක් දක්වා තිබෙනවා, ඒ වගේම ඔවුන් තවදුරටත් දිවා/රාත්‍රී ඩේටා දීමනා පිළිබඳවත්, නයිට් ටයිම් ඩේටා අපතේ යාම පිළිබඳවත් කණගාටුවට පත් විය යුතු නැහැ. නව 100% Anytime Data පැකේජ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන අපගේ පාරිභෝගිකයන්ට සුවිශාල සහනයක්, සැනසිල්ලක් මෙන්ම පහසුවක් සලසන බවට අපට විශ්වාසයි.” හච් ප්‍රධාන අලෙවි නිලධාරිනී රම්සීනා මෝර්සෙත් ලායි සඳහන් කළාය.