brand logo

හකීම් හා රිෂාඩ් ගැන ගන්න තීරණේ ගැන මද්දුමබණ්ඩාර හිනාවේවි කිව්ව දේ

23 October 2020

සන්ධානයේ විනය කඩ කරන කාට වුවද විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර කියයි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සමගි ජනබලවේගයේ උපලේකම් හා මිත්‍ර පක්ෂ දෙකක සාමාජිකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හෙතෙම මේ බව පැවසීය. ඊයේ (22) රැස්වූ පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නොත් පැහැදිලිවම විනය ක්‍රියාමාර්ග ගන්නා බවට සියලු පක්ෂ හා සාමාජිකයින් දැනුවත් කළ බවත් ඒ අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග නීතිඥයින් සමග සාකච්ඡා කරන බවත් හෙතෙම කීය. රවුෆ් හකීම් හා රිෂාඩ් බදුයුදීන් පිළිබඳ ගන්නා තීරණය ගැන විමසූ විට මද්දුමබණ්ඩාර මහතා දුන් පිළිතුර පහත හඩපටයෙන් සවන් දෙන්න. https://youtu.be/7ElfAOrFr50  
 

More News..