brand logo

හකීම්ගේ සමීපතමයින් හඳුනාගැනේ

10 January 2021

මේ වන විට කොවිඩ් ආසදිතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් මේවන විට හඳුනා ගෙන තිබේ. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ සමීපතමයින් ලෙස මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත. CCTV දර්ශන යොදා ගනිමින් එම සිව් දෙනා හඳුනා ගෙන ඇති අතර ඒ අනුව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල යන අය හඳුනාගෙන තිබෙනවා එසේම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් දෙදෙනා ද' පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ සමීපතමයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා. මේ අනුව අදාළ මන්ත්‍රීවරුන්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී තිබෙන අතර PCR පරීක්ෂණය කටද ඉදිරියේ දී යොමුකිරීමට නියමිතයි.
 

More News..