brand logo

හකීම්ගේ ආශ්‍රිතයන් 41ක්

11 January 2021

කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ ආශ්‍රිතයන් හතළිස් එක්දෙනකු හඳුනාගෙන ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මන්ත්‍රීවරයා හමුවීමට කොළඹ පිහිටි නිවසට පැමිණි පිරිස් ගැන තොරතුරු සී.සී.ටී.වී. දර්ශන ආශ්‍රයෙන් ලබාගත් බවත්, ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් 41 දෙනකු හඳුනාගත් බවත් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මන්ත්‍රීවරයා මේ වනවිට කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින බවය. එමෙන්ම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු ආශ්‍රිතයන් සොයා ද සෞඛ්‍ය අංශ පරීක්ෂණ කරන අතර මන්ත්‍රීවරයාගේ පවුලේ පිරිස් හා ආරක්ෂකයන්ද ස්වයං නිරෝධායනයට ලක්ව ඇත. එෆ්. අස්ලම්
 

More News..