brand logo

හක්මණ පොලිස් නිලධාරියා අනතුරට ලක්කර ඝාතනය කළ රියදුරු 23 දක්වා රිමාන්ඩ්

15 July 2020

ටිපර් රථයක් හප්පා හක්මණ පොලිසියේ පොලිස් කොස්තාපල් වරයකු මරුමුවට පත්කර තවත් නිලධාරීන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකොට පලාගොස් සිටි රියදුර ඊයේ (14) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (15) දහවල් මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කරන ලද අතර එම සැකකරු ජූලි මස විසිතුන් වන දින දක්වා රක්ෂිත බන්ධානාගර ගත කිරිමට මාතර අතිරේක මහේස්ත්‍රාත් ආර්.එම්.ජි චම්පික රාජපක්ෂ මහතා නියෝග කළේය. මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරිම, අන්තරාදායි ලෙස රිය පැදවිම සහ අනතුරක් සිදු කොට පලා යාම ආදි කරුණු යටතේ මෙම සැකකරුට විරුද්ධව චෝදනා ගොනු කො⁣ට ඇත. හක්මණ පොලිස් වසමේ කෝංගල මාර්ගදී බාධකයේ හප්පා අනතුර සිදුකළ ටිපර් රථය ද පෙරේදා (14) දින රන්න කට්ටකඩුව ප්‍රදේශයේ සඟවා තබා තිබියදී පරීක්ෂණ පැවැත්වූ පොලීස් කණ්ඩායම් විසින් සෙයාගෙන තිබුණි. පසුගිය 13 දින රාත්‍රී සිදුකර ඇති අනතුරින් මියගොස් සිටියේ වලස්මුල්ල මොදරවාන පල්ලෙවාව්ව ප්‍රදේශයේ පඳිංචි තිස්හය හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි. මියගිය පොලිස් කොස්තාපල්වරයා විවාහක දෙදරු පියෙකි. මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු 16 දින සවස මොදරවානේදී සිදුකිරීමට නියමිතය. ජයසිරි පේදුරුආරච්චි - මාතර
 

More News..