brand logo

හංවැල්ල හෝටලයට ආගිය අය සොයයි

05 March 2021

උප පොලිස් පරීක්ෂකවරයා තරුණිය ඝාතනය කළ හංවැල්ල හෝටලයට පසුගිය 27 වැනිදා සිට මාර්තු 01 වැනිදා දක්වා පැමිණි සියලුදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට හංවැල්ල පොලිසිය පියවර ගෙන ඇත. මේ අනුව එම හෝටලයේ කාමරවල සිටි සියලුදෙනා අනන්‍යතාවයට ප්‍රශ්නයක් නොවන පරිදි පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර ඇත. ඝාතනය සිදුවූ දිනයේ පමණක් එම හෝටලයේ කාමර පහක අමුත්තන් රැඳී සිට ඇතැයි ලේඛනවලින් අනාවරණය වී තිබේ. ඝාතනයට ලක්වූ තරුණිය හා උප පොලිස් පරීක්ෂක ගැන ඇසින් දුටු සාක්ෂි හා ඝාතනය සම්බන්ධ තොරතුරු තිබේනම් ඒවා ලබැගනීම සඳහා මෙලෙස කැඳවීම් කර ඇත. ඝාතනය සිදුවූ බව කියන හෝටලය පෙරේදා (3 වැනිදා) සිට දින තුනකට මුද්‍රා තබා පරීක්ෂණ පැවැත්වේ. ඝාතනය වූ තරුණියගේ හිස කොටස හෝ පිහිය හෝටලයේ සඟවා ඇත්දැයි යන්නත් මෙලෙස පරීක්ෂා කර ඇත. හෝටලය හිමි කාන්තාවගෙන් හා සැමියාගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබේ. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..