brand logo

හංවැල්ලේ වෙඩි තැබීම ගැන විමර්ශනයක්

13 June 2020

හංවැල්ල, එලමලවල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඊයේ (12) පස්වරුවේ ත්‍රිරෝදරථ රියදුරෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතිබව  පොලිසිය පැවසුවේය. එහිදී තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ 43 හැවිරිදි වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හංවැල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

More News..