brand logo

සෞභාග්‍යයේ දැක්මට සවියක් වෙන්න නිවැරදි පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි

08 July 2020

රාජධානි 4කින් සමන්විත කුරුණෑගල ප්‍රදේශය සංවර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තය පවා දියුණු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (07) පැවසීය. පන්නල ප්‍රාදේශීය සභා සභාපති කටුගම්පොල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායක රංජිත් ලංසකාර මහතාගේ නිවසේ එළැඹෙන මහ මැතිවරණයේ ජය තහවුරු කරවීමට සංවිධානය කරතිබූ ජන රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය වරයා එසේ පැවසීය. රැස්ව සිටිපිරිස අමතමින් තවදුරටත් අදහස්දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. තිස් වසරක් පුරාවට පැවති යුද්ධය නිමවා රට සංවර්ධනය කරන්න සූදානම් වනවිටම සිරිසේන මහතා සමගින් පැවති රජය පරාජයට පත්කොට එක්සත් ජාතික පක්‍ෂය පමුඛ ආණ්ඩුවක් නිර්මාණය කළා කාටත් මතක ඇති. ඒකෙන් වුණේ රට ක්‍රමයෙන් අවුල් ජාලාවක් බවට පත්ව කරගෙන ආ සංවර්ධනය නැවතීයාමයි. ලංකාව එකම වැඩබිමක් වෙලයි අපේ කාලෙ තිබ්බෙ. ජීවිත ගණනාවක් පූජා කරලා අපි එදා යුද්ධය නිමාකරලා ත්‍රස්තවාදය මේ රටින් මුලිනුපුටා දමලා ආරක්‍ෂිත රටක් බිහිකරලයි තිබුණෙ. ඒත් පසුගිය රජයට එම තත්වය රැකගන්න බැරිවෙලා යළි ත්‍රස්ථවාදය හිස ඔසවලා තියනවා. අවශ්‍ය කරන සියලු තොරතුරු නිසිපරිදි ලැබී තියෙනකොට කටුවාපිටිය ආදී දේවස්ථානවල ඇතිවූ සිද්ධීන් ඉතාම සෝචනීයයි. අපේ රටේ ශක්තිමත් බුද්ධි අංශයක් තිබුණා. ඒ නිළධාරීන් එක එක රටවල යවලා ඒ අයගෙන් වැඩක් නොගන්න ගානට දාලා තිබුණේ. ඒ විදිහට ආරක්‍ෂිත රටක් ඉදිරියට යන්නෙ නැහැ. යන්නත් බැහැ. යුද්ධයෙන් පස්සෙ උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය ආදී වැඩසටහන් ක්‍රියාත්මක කළා මේ හැමට මතක ඇති. එමගින් කරන්න පුලුවන් වුණ සංවර්ධනය සුලුපටු නැහැ. ඒත් වසර ගණනාවක් එවැනි සංවර්ධන කාර්යාවලියන් නැවතිලා. මේ ප්‍රදේශවල තියන ප්‍රධානම ප්‍රශ්න රැසක් අපිට අඳුනගන්න ලැබිලා තියනවා. ඉන් පානීය ජල ප්‍රශ්නයට අපි කඩිනමින් විසඳුම් ලබාදියයුතුයි. කොහොම හරි දැන් අපිට ඔබ අපේක්‍ෂා කරන රටේ ආරක්‍ෂාව තහවුරුකරන් පුලුවන් ජනාධිපති වරයෙක් පත්වෙලා ඉන්නෙ. එතුමාගේ සෞභාග්‍යයේ දැක්මට සවියක් වෙන්න පුලුවන් නිවැරදි පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. ජනාධිපතිවරයා රට වෙනුවෙන් යම් තීරණයක් ගන්නාවිට ඇමති මණ්ඩලය අනික්පැත්තට අදිනවානම් රටක් කොහොමද ඉදිරියට යන්නෙ? මේ ප්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. ඒක අපි කරනවා. මේ ආසන්නයේදී කුරුණෑගල වෛද්‍ය වරුන් එකසිය හතලිස් එක් දෙනෙක් රැස්වෙලා සාකච්ඡාවකට අපිටත් ආරාධනා කළා. ඒ අය අපෙන් ඉල්ලුවෙත් මේ ප්‍රදේශයේ සෞඛ්‍ය ප්‍රශන්ය වගේම පානීය ජල ප්‍රශ්න විසඳන්න කියලයි. කුරුණෑගල කියන්නෙ රාජධානි 4කට උරුමකම් කියන ප්‍රදේශයක්. එම රාජධානි සංවර්ධනය කරන්න ප්‍රමුඛස්ථානයක් දෙනවා කියන්නෙ සංචාරක කර්මාන්තය දියුණු වෙනවා කියන එකයි. එමගින් මේ ප්‍රදේශයට විශාල සම්පත් ලඟා කරගැනීමට හැකිවේවි. මහා සංඝරත්නය මෙන්ම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පළාත් සභා මන්ත්‍රී වරුන්වන ජෙහාන් ප්‍රනාන්දු, කමල් හේරත් යන මහත්වරුන් ඇතුලු පක්‍ෂ ක්‍රීයාකාරීන් සහ විශාල ජනකායක් ඊට සහභාගී වූහ. මනුසත් සේරසිංහ කුලියාපිටිය
 

More News..