brand logo

සෞන්දර්ය විශ්වවිද්‍යාලයටත් කොරෝනා

29 April 2021

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් 5 දෙනෙකුට හා සිසුන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. විශ්වවිද්‍යාලයේ පලමු වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු අප්‍රේල් 19වනදා සිට ආරම්භ කර ඇති අතර ජෛව බුබුලක් ආකාරයට සකසා එම කටයුතු සිදු කළ බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී බී.එම්. දයාවංශ මහතා පවසයි. රට තුළ කොරෝනා වසංගත තත්වය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් අප්‍රේල් 26 වනදා නැවත සිසුන්ව නිවෙස් වෙත යැවීමට කටයුතුසූදානම් කර ඇත. එක් සිසුවෙකු අප්‍රේල් 25වනදා රාත්‍රියේ හදිසියේ අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ආසාදිත සිසුවා හඳුනා ගැනීමත් සමඟ සිසුන් රාජගිරිය සහ දෙහිවල පිහිටා ඇති විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ නිරෝධායනය කිරීමට කටයුතු කළ බව බී.එම්. දයාවංශ මහතා සඳහන් කරයි. මේ වන විට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් 05දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..