brand logo

සෞදියේ රඳවාගෙන සිටි ශ්‍රමික පිරිසක් දිවයිනට පැමිණෙයි

19 May 2021

ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් ලෙස ගොස් සෞදි අරාබියේ රඳවාගෙන සිටි සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අවසන් කණ්ඩායම අද (19) දින මෙරටට පැමිණ තිබේ. මේ අනුව රැඳවියන් 103 දෙනෙකු පැමිණ ඇත. ඒ සමග රියාද් සහ ජෙඩා හි කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන අවසන් කර තිබේ. ඒ අනුව පසුගිය මාසයේ සිට කාන්තාවන් 49 ක් පිරිමි පුද්ගලයන් 131 ක් ඇතුළුව පුද්ගලයන් 180 දෙනෙක් නැවත ලංකාවට රැගෙනවිත් ඇත. එම රැඳවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ මෙම ක්‍රියාවලිය, සෞදි බලධාරීන්, රියාද්හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය මෙන්ම ජෙඩාහි කොන්සල් ජනරාල් කාර්යාලය අතර පැවති අඛණ්ඩ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
 

More News..