brand logo

සෞඛ්‍ය හොඳනම් නෛතික බාධා නැතිනම් මැතිවරණය ඉක්මනින්-කොමිසම කියයි

02 June 2020

සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම නෛතික බාධා නැත්නම්, හැකි ඉක්මනින් ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් මැතිවරණ කොමිසමෙන් විමසීම් කරනවා. අපි දැනටමත් ජනාධිපති නීතිඥයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තියෙනවා ජුනි 20 වැනිදා ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව. ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳ නෛතික බාධාවක් ඇති වුණේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාව ඒ සඳහා වෙනත් දිනයක් නියම කරනවා’’ යැයි ද කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. අද ක්‍රම ක්‍රමයෙන් රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. තව සාමාන්‍ය තත්ත්වයකට රට හැඩ ගැහෙන්න ඕන. පාර්ලිමේන්තු මැතිවරණය නෙවෙයි, පැවැත්වීමට යෝජිත පළාත් සභා ඡන්ද විමසීම පවා කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ පවත්වන්න වේවි කියලා අප විශ්වාස කරනවා. මක්නිසාද යත්, වෛද්‍ය විශේෂඥයන් පවසනවා 2021 වසරේ අවසානය දක්වා අපට කොවිඩ් -19 සමග ජීවත් වෙන්න වේවි කියලා. දකුණු කොරියාවත්, ශ්‍රී ලංකාවේත් ඡන්ද ක්‍රමය අහසට පොළොව වගේ වෙනස්. උතුරු කොරියාවේ ඡන්ද පත්‍රිකාවලින් ඡන්දය දුන්නාට ගණන් කරන්නේ මැෂින් එකෙන්. අපේ රටේ වගේ මනාප ක්‍රමය තියෙන සංකීර්ණ ඡන්ද ක්‍රමයක් ලෝකයේ කොහේවත් නෑ. මේ මනාප ගණන් කරන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්. ඉතා බියකරු අත්දැකීමක් තමයි මනාප ගණන් කිරීම. මොකද කොච්චර හොඳට ගණන් කළත් එළියේ ඉන්න අය කියන්නේ මේක හොරකමක් කියලා. නාමයෝජනා පත්‍ර භාර දෙද්දී එහි සිටින අපේක්ෂකයන් තිදෙනෙක් පරාජය වෙලා අවසන්. මක්නිසාද යත් නිතරගයෙන් ආවත් 19 දෙනාටයි තේරී පත්වන්න පුළුවන්.
 

More News..