brand logo

සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින් 05කට කොවිඩ්

24 October 2020

කහතුඩුවේ පිහිටි ඇඟලුම් ආයතනයේ සේවය කළ කොවිඩ් අසාදිත තලගල බටහිර ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින්ට 05 දෙනෙකුට කෙරෝනා වැළඳී ඇති බව තහවුරුවී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා. එම සෞඛ්‍ය සේවිකාවට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසු ඇගේ පවුලේ සාමාජිකයින් ඇතුලු හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය පදිංචි පවුල් 70ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. ඇයගේ පවුලේ සියලු දෙනාගේ PCR පරීක්‍ෂණ සිදුකළ අතර එහි ප්‍රතිඑල ඊයේ (23) රාත්‍රී ලැබුණි. එම පිරිස අතර අවු 15 සහ 12 දරුවන් දෙනෙකු ඇතුළු ඇයගේ පවුලේ 5 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වීමෙන් අනුරුව ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඔවුන් කොව්ඩි රෝහල් වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සුදානම් කරමින් පවතින බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එම ප්‍රදේශය භාර මහජන සෙෘඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා සඳහන් කරනවා. මෙම 5 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 30 දෙනෙක් මේවන විටත් ස්වයං නිරෝධායනය වෙමින් සිටින අතර එළඹෙන සතියේ ඔවුන්ව පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමුකරන බවත් හොරණ ජනතාවගේ සෞඛ්‍යාරක්‍ෂාව වෙනුවෙන් ගත හැකි සැම පියවරක්ම ගන්නා බව ද සෑම විටම සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් අනුගමනය කරමින් නිරෝධායන නීති රීතිවලට අනුව දෛනික කටයුතුවල නිරත වන මෙන් ද මහජනතාවගෙන් ඉල්ලා සිටින බව මහජන සෙෘඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.   අඟුරුවාතොට - මංගල එදිරිසිංහ
 

More News..