brand logo

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන සංචාරක ආයතන අසාදුලේඛනයට

12 January 2021

    මෙරටට සංචාරකයන් ගෙන්වීම සහ ඔවුන් නැවත පිටවයාම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදුලේඛනගත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා. එසේම ලබන 21 වනදා සිට සංචාරකයින් සඳහා රට නැවත විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වුවහොත් එය සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපාන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. තවද සංචාරක ආයතනය' සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගෙන සංචාරකයන් ගමන්කරන ස්ථාන පිළිබඳ අධිකාරියට පුර්ව දැනුම්දීමක් සිදුකළ යුතු බවත් සඳහන් කර තිබේ. මේ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මාධ්‍යස්ථානයක් සංචාරක සංවර්ධන අධිකාරියේ ඇති කරන බවද සංචාරක අමාත්‍යංශය සඳහන් කරනවා.
 

More News..