brand logo

සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් සංශෝධනය කෙරේ

06 August 2021

දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් අද (06) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිද සංශෝධනය කෙරෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙක්ට පමණයි. උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකුට පමණයි. මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ. යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් මස 01 වනදා තෙක් කල් තැබෙන බවයි. එමෙන්ම රාජ්‍ය සේවය සදහා සේවකයින් කැදවීමේදී ආයතන ප්‍රධානීන් ආයතනික අවශ්‍යතාව පරිදි සේවකයින් කැදවීම සිදුකළ යුතු අතර, සියලුම සේවකයින් කැදවීමට ගත් තීරණය ඒ අනුව ඉවත් වේ.
 

More News..