brand logo

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසුවාට වසර 6ක සිරදඬුවම්

21 January 2021

පසුගිය වසරේ දෙසැම්බර් මස 02 වැනිදා අටුලුගම මාරාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගසමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට වසර 6 ක සිර දඬුවම් නියම කිරීමට අධිකරණය නියෝග කළේය. ඒ පානදුර අධිකරණය හමුවේ අද මෙම නඩුව කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත. චෝදනා තුනක් යටතේ මෙම සිරදඬුවම නියම වූ එම විතිත්කරුට රුපියල් 10,000ක දඩයක් ද නියම කෙරිණි. එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු රාජකාරි සඳහා කැබ් රථයේ ගමන් ගත් සිව්දෙනාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට ද මහේස්ත්‍රාවරයා නියෝග කළේය. ඉකුත් දෙසැම්බර් 2 වැනිදා අටුලුගම මාරාව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත සැකකරුවෙකු රෝහල් ගත කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගිය අවස්ථාවේදී වයස අවුරුදු 52ක් වූ මෙම පුද්ගලයා එම නිලධාරීන්ට බැණවැදී රාජකාරියට බාධා කර තිබේ. එම නිලධාරීන් එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී ඔවුන් ගමන්ගත් කැබ් රථයේ දොර විවෘත කර කෙළ ගසා තිබේ.
 

More News..