brand logo

සෞඛ්‍ය නීති කැඩූ මංගල උත්සවයේ 11කට කොරෝනා

11 May 2021

නිරෝධායන නීති උල්ලංගණය කරමින් පැවැත් වූ මංගල උත්සවය මනාල යුවළ ඇතුළු ඊට සහභාගි 11දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත. දන්කොටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලය පැවසුවේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමත් සමග අද පෙරවරුවේ එම ප්‍රදේශයට සංචරණ සීමාවන් පැන වූ බවයි. පෙරේදා (9) දිනයේ මැදකිරිමැටින ප්‍රදේශයේ උත්සව ශාලාවක මෙම විවාහ මංගල උත්සවය පැවැති අතර, ඊට 140කට ආසන්න පිරිසක් සහභාගි වී තිබේ. එම මංගල උත්සවයට සහභාගි වූ සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇත. එම පරීක්ෂණවල ප්‍රතිඵල වලට අනුව මනාල යුවළ ඇතුළු 11දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කරගත් බව දන්කොටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලය සදහන් කරයි.
 

More News..