brand logo

සෞඛ්‍ය නීති කඩපු පොලිස් මනමාලයා කොරෝනා බෝ කරයි

05 November 2020

මාවනැල්ලේ තවත් පුද්ගලයින් 9 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. පසුගියදා මාවනැල්ලේ පැවැති විවාහ උත්සවයක මනාල යුවළ ද එම ආසාදිතයින් අතර සිටින බව මාවනැල්ල ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා පවසයි. එම විවාහ උත්සවයේ මනාලියගේ පාර්ශ්වයෙන් පැවැත් වු දිනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව විවාහ මංගල්‍ය කටයුතු සිදුවු බවත් දෙවැනි දින මනමාලයාගේ පාර්ශ්වයෙන් මාවනැල්ල ඹ්වත්ත ප‍්‍රදේශයේ පැවැති උත්සවයේදි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවලට අවනතනොවී කටයුතු සිදුවී තිබූ බවද ඔහු පැවසීය. මනමාල මහතා කොළඹ පොලිස් ස්ථානයකට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් බවත් අදාළ දිනයේ උත්සවය සඳහා කොළඹින් විශාල පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ. එම විවාහ උත්සවයට සහභාගි වු 120 කට වැඩි පිරිසක් ද නිරෝධායනයට යොමු කර ඇති බව ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා පැවසීය. කොවිඩ් අසාදිත වූ මනමාලිය උඳුගොඩ රෝහලට යොමු කර ඇති අතර මනමාලයා කෑගල්ල දිසාවේ රෝගීන් නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝහලක් වෙත යොමුකර ඇත. මේ වනවිට කෑගල්ල දිස්ත‍්‍රික්කයේ කොවිඩ් - 19 අසාදිතයන් 151ක් හඳුනාගෙන ඇති අතර 3,031ක් නිරෝධායනය යොමුකර ඇත.
 

More News..