brand logo

සෞඛ්‍ය නිර්දේශ ගැසට් නොකිරීමෙන් මැතිවරණ කොමිසම අසීරුවේ

24 June 2020

පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද කොවිඩ්-19 නිර්දේශ එම අමාත්‍යාංශය විසින් මෙතෙක් ගැසට් නොකිරීම නිසා මැතිවරණ කොමිෂන් සභාවට නීති ක්‍රියාත්මක කිරීමේදී ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ. එම නිර්දේශ මාලාව ඉකුත් සිකුරාදා (19 වැනිදා) ගැසට් කිරීමට නියමිතව තිබූ අතර,පසුව එය ඊයේ (23 වැනිදා) දක්වා කල් ගියේය. නමුත්,ඊයේ (23 වැනිදා) දිනයේදීද එම ගැසට් පත්‍රය මුද්‍රණයට යවා නොතිබිණි. මැතිවරණ නීතිය සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද කොවිඩ්-19 නිර්දේශ සම්බන්ධ කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පසුගියදා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීද කියා සිටියහ. මෙම ගැසට් පත්‍රය නිකුත් නොකළහොත්, මැතිවරණ කටයුතුවලදී කොවිඩ්-19 ට අදාළ නිර්දේශ කඩකරන්නන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමේ ගැටලුදායක තත්ත්වයක් මතුවන බවද මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (23 වැනිදා) දිනයේදීද මුද්‍රණයට එවා නොතිබූ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.   උදයජීව ඒකනායක සාලිය කුමාර ගුණසේකර
 

More News..