brand logo

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුධවලට කොළඹ අගරදගුරු මැදිහත්ව කටයුතු කිරීමට තීරණය කරයි

09 August 2019

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුධ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ සමඟ සාකචිඡා කළ අතර එහිදී ඉදරිපත් කළ කරුණු සළකා බලා ඉදිරියේදී මීට මැදිහත්ව කටයුතු කිරීමට උන්වහන්සේ තීරණය කර ඇත. එමෙන්ම මෙම සමස්ත සිද්ධි දාමය රට තුළ ස්ථාවර පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රය අස්ථාවර කිරීමට ගත් විනාශකාරී පියවරක් බව කාදිනල් තුමා පිළිගත් බවත් ස්ථාවරත්වය බිඳ දැමීම හරහා ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතා ඉටුකරමින් සිටින බව කාදිනල් තුමා පිළිගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය. ඒ අනුව මෙම බලවේග පරාජය කිරීමට කාදිනල් තුමා ඉදිරියේදී එම සංගමය සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ඇත. තවද රාජිත සේනාරත්න නම් සාධකය මේ රටේ දේශපාලනයෙන් අතුගා දැමීමට මේ රටේ ජනතාවගේ පැත්තේ සිට කටයුතු කිරීමේ පොදු එකඟතාවයකට එළැඹි බවද එම සංගමය පැවසීය . මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජිත සේනාරත්න මහතාගේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධව ස්ථාන 12 කට පැමිණිලි කර ඇති අතර පෙරකී පරිදි තවදුරටත් අමාත්‍යවරයාට කරුණු දැක්වීට ඇත්නම් විවෘත සංවාදයකට පැමිණෙන ලෙස එම සංගමය අමාත්‍යවරයාට අභියෝග කර සිටී. ශිරන්තනි මානවඩු
 

More News..