brand logo

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද්ද 39ක් ප්‍රථමවරට අත්අඩංගුවට

31 October 2020

නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221ක් ඊයේ (30) දින පොලිස් අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ දක්වා පුද්ගලයින් 1480ක් අත් අඩංගුවට පත්ව තිබෙන බව ඔහු සඳහන් කළේය. වාහන 40ක් ඊයේ පොලිස් භාරයට පත්ව තිබේ. මේ දක්වා පොලිස්භාරයට පත්ව තිබෙන වාහන සංඛ්‍යාව 218කි. එමෙන් ම පසුගිය දින 14 තුළ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යන් සහනයක් ලබා දී තිබූ බවත් එම සහනය ඊයේ දින සිට ඉවත් කළ බවද ඒ අනුව නිරෝධායන නීතිය කඩ කළ,මුහුණ ආවරණ නොපැලදී, දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 39ක් ප්‍රථමවරට අත් අඩංගුවට පත් බවත් ඉදිරියට මේ නීතිය ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය ප්‍රකාශ කළේය.
 

More News..