brand logo

සෞඛ්‍ය උපදෙස් නොතකා පාසලට පැමිණි ගුරුවරයා

05 February 2021

    අනුරාධපුරයේ පාසලක සෞඛ්‍ය උපදෙස් නොතකා පාසලට පැමිණි ගුරුවරයෙක් හේතුවෙන් අද (05) ළමුන් අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ගුරුවරයෙකුගේ බිරිඳක් කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු එම ගුරුවරයා ද පළමුවනදා PCR පරීක්ෂණයකට යොමුකර ඇත. එහෙත් එම PCR පරීක්ෂණයකට යොමුකළ ගුරුවරයා ප්‍රතිපල ලැබෙන තෙක් නිවසට වී සිටින්නැයි දැනුවත් කර තිබුනද ' උපදෙස් නොතකා අද (05) පාසලට පැමිණ තිබේ. පසුව එම ගුරුවරයා ඉගැන්වීම සිදුකළ පංති කාමර 06ක් තාවකාලිකව වසාදමා එහි සිටි සිසුන් සහ ගුරුවරුන් 11ක් කාර්යාල කාර්ය සහායිකාවක් ද නිරෝධායනය කර ඇත.
 

More News..